Home News Breaking බැසිල් ගෝල්ෆේස් රැලියේ අභියෝගය ගැන C NEWS සමග කතා කලේ මෙහෙමයි

බැසිල් ගෝල්ෆේස් රැලියේ අභියෝගය ගැන C NEWS සමග කතා කලේ මෙහෙමයි

460 views
SHARE

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති රැස්වීමට ලක්ෂ දෙකකට අධික ජනතාවක් සහභාගි කරවන බව කිව්වත් එම ඉලක්කයට යන්න නොහැකි වුනානේද?

මම හිතන්නෙ ලංකාවේ රැළියක මීට පෙර මේ වගේ සෙනඟක් රැස් කරලත් නැහැ. මේ වගේ ජනකායක් මින් ඉදිරියට කාටවත් ගෙන්නන්න පුලුවන් වෙයි කියලත් මම හිතන්නෙ නැහැ. අපි ගෙන්නන්න බලාපොරොත්තු වුන ප්‍රමාණයට වඩා තව තුන් ගුණයක් විතර වැඩි වුනා. සමහරු මහින්ද ජනාධිපතිතුමාට අභියෝග කලාට ඒ අභියෝගය බාර ගත්තෙ ජනතාව. මම හිතන්නෙ ඒකයි වුනේ.

මහනුවර ගැටඹේ රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ල.නි.පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධයේ සියලු දෙනාට නිල වශයෙන් ලිඛිතව ආරාධනා කර තිබියදීත් ගෝල්ෆේස් රැලියට සහභාගී වීම තුලින් ඔබතුමන්ලා පක්ෂයේ විනය සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කලා නේද?

මම ශ්‍රී ලංකා එකේ නෙවෙයි මම පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්.ඒ නිසා මට ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න අමාරුයි වගේම මට එයට උත්තර දෙන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් ඔබලා මේ කරන්නට හදන්නෙ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය කියලා සමහරු චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සියලු දෙනාම පොදුජන පෙරමුණට ඇවිල්ලා ඉවරයි.
ජනවාරි අට වැනිදා යූ.එන්.පි සමඟ එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයේ අපේක්ෂකයා පැරද්දුව කෙනානෙ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අරගෙන තියෙන්නෙ. එහි සභාපති සහ ලේකම්වරයත් සන්ධාන අපේක්ෂකයාව පරද්දපු අය. එහෙම කරලා එක්සත් ජාතික පක්ෂය ට තව බලය දෙන්න දෙයක් නැහැ බලය දීලා තියෙන්නෙ.

ඔබලා මේ දෙකඩ වී දක්වන ප්‍රතිවිරෝධයෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?

අපි කාටවත් ඇටෑක් කරන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපිට සර්වජන ඡන්ද බලය ලැබුණේ යුරෝපයේ සමහර රටවලට ලැබෙන්න කලින්.
අපි ඡන්දෙන් ආණ්ඩු පත් කරපු පෙරළපු රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජන මතය ගරු කරමින් දේශපාලනය කරනවා.

විශේෂිත දේශපාලන අරමුණක් නැද්ද?

අපේ ජනතාවගේ බිඳ වැටී තිබෙන ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කිරීමයි අරමුණ වෙන්නෙ. එම අවශ්‍යතාවය යම් කිසි දේශපාලන පක්ෂයකින් නොකෙරෙන විටඅලුත් පක්ෂ බිහි වෙනවා. අපි නොවැම්බර් මාසෙ පලමු වැනිදා පොදුජන පෙරමුණ පිහිටෙව්වේ අන්න ඒ නිසයි. අපේ පක්ෂයට හරියටම මාස හය පිරෙදදි තමයි මැයි රැලිය තිබුණෙ. මාස හයට මින්ස්සු පක්ෂයට මොන තරම් පිලිගැනීමක් ලබා දුන්නාද යන්න ඒකෙන් පැහැදිලියි.
ඒකාබද්ධ විපක්ෂය හැටියට රැස්වීම තිබ්බත් පක්ෂයක් හැටියට අපි ලොකු කාර්යභාරයක් කලා.පැමිණි ජනතාව නිසා ප්‍රබලතම දේශපාලන පක්ෂයක් ලෙස ඊට සම්බන්ධ වෙන්න අපිට පුලුවන් වුනා. අසම්මත වැඩ කරන අසම්මත ජීවිත ගත කරන පිරිසක් විසින් අසම්මත ආකාරයට මේ රට පාලනය කරනකොට සම්මත විදිහට ජීවත් වෙන ශ්‍රී ලාංකික ජනතාවක් සිටින රටක් මේක. ජනතාව ගැන අවධානය යොමු කරලා නිසි මාර්ගයට එන්නට ඕනේ නම් ආණ්ඩුවට පුලුවන්. එත් ඔවුන් කරන්නේ දේශපාලන පලිගැනීම්, හමුදාවෙන් පලිගැනීම්, ජාතික සම්පත් විකිණීම්, සෞඛ්යය, අධ්‍යාපනය වැනි දේ කප්පාදු කිරීම් ,ගොවි සහනාධාරය කප්පාදු කිරීම්, සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීම්, වැඩිහිටි දීමනාව කප්පාදු කිරීම, කුඩා දරුවගෙ නිල ඇඳුම කප්පාදු කිරීම, උපදින්න ඉන්න ළමයගෙ පෝෂණ මල්ල කප්පාදු කිරීම වැනි නූපන් දරුවගෙ ඉඳලා මිය යන වැඩිහිටියා දක්වා කප්පාදු කිරීම් කරලා තියෙනවා. ඒවා නිවැරදි කරගන්න හොඳ කාලෙ තමයි මේක.

පලාත් පාලන මැතිවරණය පැවැත්වුනොත් ඔබලාට වැඩි ආසන ගානක් ජයග්‍රහණය කරන්න පුලුවන් ද?

අපි හැම දෙයක්ම කරන්නෙ විශ්වාසයකින් තමයි. අපි ඒ නිසා කියන්නේ මුලින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතිය ලබා දෙන්න. ඉන්පසු ජන්දය දිනා ගන්න පුලුවන්නම් දිනාගන්න. අපෙන් වරදක් නැහැ.

සෙනඟ පෙන්වීමෙන් පමණක් දේශපාලන ජයග්‍රහණ කරා යන්න පුලුවන් ද?

මැයි රැලියට පැමිණි සියලු ජනතාව අපිව අනුමත කරයි කියලා අපි කවදාවත් හිතන්නෙ නැහැ. අභියෝගයට ප්‍රරතිචාරයක් හැටියට තමයි වැඩි දෙනෙක් ආවෙ. එම අභියෝගය බාර අරගෙන ඉෂ්ට කලා. එහි පණිවිඩය වටහාගෙන රජය කටයුතු කල යුතුයි.

සංවාද සටහන – C NEWS අෂ් වාරු

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site