Home News Breaking මැයි පෙළපාලිය හා දේශපාලනයේ වර්තමානය ගැන C NEWS සමග කතා කල ටිල්වින්...

මැයි පෙළපාලිය හා දේශපාලනයේ වර්තමානය ගැන C NEWS සමග කතා කල ටිල්වින් සිල්වා

397 views
SHARE

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

J.V.P එක ජනතාව හා රට හමුවේ තබන දේශපාලන තර්ක සහ ගෙනියන වෙනස් වූ දේශපාලන ව්‍යාපාරය අනුව බී.ආර්.සී එකට ගෙනාපු සෙනඟ ගැන සෑහිමට පත් වෙන්න පුලුවන් ද?

අපේ මැයි රැලිය දැකපු කව්රුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමෙ දැවැන්ත ජනකායක් සහභාගී වුනා කියලා. ජනතාවගේ ප්‍රමාණය වැඩිවීම පමණක් නොවෙයි ඒ විශාල ජනකාය විශේෂ ගුණයකුත් පෙන්නුවා. අපේ මැයි රැලයට ආව කව්රුවත් බීලා නැටුවෙ නැහැ. මහාමාර්ග අපවිත්‍ර කලේ නැහැ. පාරෙ නිදාගෙන හිටියෙ නැහැ. අසභ්‍ය වචන කිව්වෙ නැහැ. විනයගරුක ගුණගරුක පිරිසක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ කියන එක අපි ඔප්පු කර පෙන්නුවා. අපේ, සටන්පාඨ අරමුණු සාර්ථක කරගන්න පුලුවන් කියන කාරණය මේ හරහා තහවුරු වෙලා තියෙනවා.

දේශපාලන ව්‍යාපාරයේ මතු කරන තර්ක මතවාද තුලින් මේ තියෙන තත්ත්වයත් එක්ක ජයග්‍රහණය කරා පක්ෂය ගෙන යන්න පුලුවන් ද?

අපි විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයි, එක්සත් ජාතික පක්ෂයයි මාරුවෙන් මාරුවට රට පාලනය කරලා අවුරුදු හැත්තෑවයි. නමුත් ජනතාවට ලැබුණු කිසිවක් නැහැ. දැනුත් ජනතාවට යමක් දෙන්න ඔවුන් අසමත් වී තිබෙනවා. එමනිසා අපේ රටෙ ජනතාවට දැන් විකල්පයක් තෝරා ගැනීමේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එමනිසා මේ වැටිච්ච නරා වළේ තවදුරටත් ඉන්නවද මෙයින් ගොඩ එනවද කියලා ජනතාව තීරණය කළ යුතු වෙනවා. අපි ඒ සඳහා නායකත්වය දෙන්න ලැස්තියි. එම තීන්දුව තියෙන්නෙ ජනතාවගෙ අතේ නමුත් වෙනසක් කිරීම සඳහා මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණ සමඟ අතවැල් බැඳගන්න ප්‍රමානය සහ වේගයවැඩි වෙලා තියෙනවා. ඉදිරි මැතිවරණය කදී ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා ගැනීම සඳහා අපි විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා.

ශ්‍රී ලංකා එකේ මහින්ද පාර්ශවයයි මෛයිත්‍රී පාර්ශවයයි කරපු මැයිරැලි දෙක සහ ඊට එකතු වූ ජනකාය පිලිබඳව ඔබතුමන්ලාගේ විග්‍රහය කුමක්ද ?

එක එක්කෙනා තම තමන්ගේ මැයි රැලිවල ප්‍රමානය අක්කර ගණන්වලින් කියනවා කිලෝමීටර ගණන්වලින් කියනවා. අපිට නම් ඒක අදාල නැහැ. මැජික් පෙන්වන්නෙ නැතිව සාමාන්‍ය විදිහට බැලුවානම් කව්රුත් දන්නවා තම තමන්ට ආව ප්‍රමාණ කොච්චර ද කියලා. හැබැයි ඔය ප්‍රමාණ ඉන්දැද්දිත් 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවණයෙන්, මහමැතිවරණයෙන් පැරදුණා. ඒ වගේම ඔය පක්ෂය අවුරුදු දහයක් රට විනාශ කලා මිසක් රට හැදුවෙ නැහැ. ඒ නිසා තමයි ජනතාවට පරද්දන්න වුනේ. එම නිසා මැයි දින රැලිවලට ගෙනාපු ජනතාවට අරක්කු බොන්න දීලා බත් පැකට් එක දීලා වාහනයට සල්ලි දීලා ගෙනාපු ජනතාව දිහා බලනකොට තමන්ගේ ජයග්‍රහණය තීන්දු කිරීම ප්‍රතිඵලදායක නැහැ. රට හදන්න පුලුවන් සමාජ වෙනසක් කරන්න පුලුවන් සෙනඟ ඉන්නෙ කොතැනද කියලා බැලිය යුතුයි. එවැනි පිරිසක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ කියන එක මෙවර මැයි රැලියෙන් ඔප්පු වුනා.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය මොන වගේ වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන දැනටමත් ජනතාවට දැනෙමින් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදීමක් තියෙනවා. ඒක නැවත සමඟි කරවන්න පුලුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. එකට ඉන්නකොට දිනන්න බැරි වුනානම් දැන් දෙකට බෙදිලා දෙපැත්තකට ගිහිල්ලා දිනනවා කියලා හිතන්න පුලුවන්කමක් නහැ. අපට වැදගත් වෙනනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය නෙවෙයි රටේ අනාගතය .

පසුගිය මැයි රැලිවලට වඩා මෙවර මැයි රැලිවලට විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා. එමගින හෙළිවන දේශපාලන යථාර්ථය මොකක්ද?

එක පැත්තකින් ජනතාව දේශපාලනයට සංවේදී වෙන්න පටන් අරගෙන තියෙනවා. ආණ්ඩු විරෝධය වැඩි වලා තියෙනවා. එමනිසා ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙනවා එවැනි විරෝධයක් එල්ල වෙන්නෙ ඇයි කියලා. ආණ්ඩුවේ සම්පත් විකිණීමට එරෙහිව, ආණ්ඩුවේ හොරකම් වලට එරෙහිව, පොරොන්දු කඩ කිරීම්වලටඑරෙහිව,ජනතාව මත පටවන්න හදන මර්දනයට එරෙහිව සහ වංචා දූෂණවලට එරෙහිව පරීක්ෂණ පැත්තකට දාලා මේ ආණ්ඩුවත් වංචා දූෂණ පටන්ගෙන තිබෙනවා. ඒ සියලු දේවලට එරෙහිව නිර්මාණය වන ජනතා විරෝධයක් තියෙනවා. ඒ විරෝධය තමයි මෙවර මැයි රැලියෙනුත් පේන්න තිබුණෙ.

සංවාද සටහන – C NEWS ෂ් වාරු

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site