Home News Breaking ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි – කළමනාකරුටත් තුවාල

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි – කළමනාකරුටත් තුවාල

176 views
SHARE

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් මීගහකිවුල ඉන්ධන පිරවුම්හලට ඊයේ (11දා) රාත්‍රියේ ගිනි අවි රැගෙන පැමිණි දෙදෙනෙකු කළමනාකරුට පහරදී, බියවද්දා එහි තිබූ මුදල් පැහැරගෙන පලාගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය සඳහන් කරනවා.

කොල්ලකරුවන් මුහුණු ආවරණය කර ඉන්ධන පිරවුම්හලේ කාමරයට ඇතුළු වී එහි කළමනාකරුට තුවක්කු බඳකින් පහරදී ඇති අතර, මුදල් කොල්ලකෑමෙන් අනතුරුව ඉන්ධන පිරවුම්හලේ පිටුපස තාප්පයෙන් පැන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ කළමනාකරුගේ හිසට සුළු තුවාලද සිදුව තිබෙනවා.

කොල්ලකරුවන්ට අයත් යැයි සැකකෙරෙන කමිසයක් කැලෑවේ තිබී සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය හා බදුල්ල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.