Home News Breaking ගීතා ගෙදර යනකොට පියසේන ගමගේ එයි

ගීතා ගෙදර යනකොට පියසේන ගමගේ එයි

671 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එහි මහා ‍ලේකම් ධම්මික දිසානායක මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත කළ එම දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස ලිඛිතව ගාල්ල දිසාපතිවරයා වෙත දැනුම් දෙනු තිබෙනවා.

ඉන් අනතුරුව දිසාපතිවරයා විසින් ඊළඟට සිටින අයගේ නම මැතිවරණ කොමිසම වෙත දන්වා එවනු ඇති.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේයි.

ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස සිටියදී ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය ලබා සිටීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු කරුණක් බව අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළා.

එම තීන්දුවට ප්‍රකාරව පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site