Home News Breaking මාස අටක දරුවා විලාප තියද්දී බිරිඳ මරා ලොරියක පටවන් සැමියා යන්න ගිහින්

මාස අටක දරුවා විලාප තියද්දී බිරිඳ මරා ලොරියක පටවන් සැමියා යන්න ගිහින්

695 views
SHARE

බීමතින් නිවසට පැමිණ තම සිඟිත්තා විලාප දෙද්දී බිරිඳට පහරදී මරා දමා ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකින් මළ සිරුර ‍රැගෙන යමින් සිටි පුද්ගලයෙකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සඳහන් කළා.

මෙසේ ඝාතනය වී ඇත්තේ හබරණ,ගල් ඔය,සිංහගම පදිංචිව සිටි කාංචනා දිල්රුක්ෂි (29) නම් එක් දරු මවක්.

පොලිසිය පවසන අන්දමට මාළු වෙළඳාමේ යෙදෙන මිය ගිය අයගේ සැමියා දිනපතාම පාහේ මත් පැන් බී නිවසට පැමිණ රෑ තිස්සේ බිරිඳට පහර දෙන බවත් සිද්ධිය වූ දින රාත්‍රියේ මාස අටක කුඩා දරුවා විලාප තියද්දී බිරිඳට පහර දෙන බවත් ඇසූ අසල්වැසියෙකු විසින් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

ඒ යන විටත් සැකකරු සිය බිරිඳ ඝාතනය කර ඩීමෝ බට්ටා ලොරි රථයක දමා ගෙන මළ සිරුර ‍රැගෙන පිටව ගොස් අවසන් බවයි පොලීසිය කියා සිටියේ.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ආරක්ෂක විධි විධාන තර කර ලොරි රථය ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ අවස්ථාවේ පොලිසිය අත්අඩංගුවට ගන්නට සැරසෙත් ම පලා ගොස් තිබෙනවා.

පසු පස ලුහු බැදි පොලිසිය සැකකරු දඹුල්ල දෙසට ලොරිය ධාවනය කරමින් සිටිය දී හිරිවඩුන්නේ දී රාත්‍රී 11.30 ට පමණ අත්අඩංගුවට ගත් බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site