Home News Breaking දිවුලපිටිය පස් කැපීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම්

දිවුලපිටිය පස් කැපීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම්

274 views
SHARE

මහත් ආන්දෝලනයකට තුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (12දා) කුරුණෑගලදී ප්‍රකාශ කළා.

ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා සඳහන් කර සිටියා.

අවුරුදු විස්සක පමණ කාලයක සිට එම ප්‍රදේශයේ පස්කපා ඇති බවත් එම පස් කියුබ් 60000ක් ටිපර් යොදාගනිමින් පාරිසරික වශයෙන් වැදගත් කලාපයක් වන මුතුරාජවෙල ගොඩ කිරීම සඳහා යොදාගෙන ඇතැයිද ජනපතිවරයා මෙහිදී අණාවරණය කළා.