Home News Breaking දියණියට කරන කරදර ඉවසා සිටීමට නොහැකිවූ සැමියා, මව හා එක්ව පියා ඝාතනය...

දියණියට කරන කරදර ඉවසා සිටීමට නොහැකිවූ සැමියා, මව හා එක්ව පියා ඝාතනය කල හැටි හෙළිවෙයි

1,721 views
SHARE

“තාත්තා බී ගෙන ඇවිත් හැමදාම මට කරදර කරන්න හදනවා. මේ දේවල් නිසා මගේ සැමියා තාත්තා එක්‌ක ලොකු තරහකින් හිටියේ. තාත්තාගෙන් වෙන කරදර උහුල ගන්න බැරි තැන සැමියයි අම්මයි එක්‌ක එකතු වෙලා තාත්තාට පිහියෙන් ඇනලා මරලා ගේ පිටුපස මිනිය වළ දැම්මා” යෑයි වත්තල විශ්‍රාමික වරාය සේවකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ දියණිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

වත්තල කෙරවලපිටියේ පදිංචිව සිටි විශ්‍රාමික වරාය සේවකයකු වූ 65 හැවිරිදි එච්. වෝල්ටර් නමැත්තාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ සිරුර නිවස පිටුපස වළ දැමූ ඔහුගේ බිරිඳ, දියණිය සහ බෑණා වත්තල පොලිසිය මඟින් ඊයේ ( 08 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ පියාගෙන් දියණියට එල්ල වූ හිරිහැර කරදර හේතුවෙන් ඔවුන් මෙසේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ වෝල්ටර් නමැත්තාගේ දියණිය 35 හැවිරිදි වියේ පසු වූ තරුණියකි. ඇගේ සැමියා 33 හැවිරිදි වියේ පසු වූ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන දෙමළ තරුණයෙකි.

මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගෙන සිටියද එකට ජීවත් වී නොමැති අතර මෙම විවාහය සඳහාද පියාගේ කැමැත්ත ලැබී නොමැති බවයි හෙළිවී තිබෙන්නේ.

සැකකාර දියණිය පවසන අන්දමට දිනපතාම අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණෙන පියා ඇයට හිරිහැර කිරීමට උත්සාහ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇයගේ නීත්‍යනුකූල සැමියාට පැවසූ පසු ඔහු පවසා ඇත්තේ පියා මරා දැමිය යුතු බවයි.

ඒ අනුව වෝල්ටර්ගේ බිරිඳ, දියණිය හා ඇගේ සැමියා නිවසේ කාමරයකදී ඔහුගේ පපු ප්‍රදේශයට සහ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර නිවස පිටුපස වළ දැමු බව ඇයගේ පාපොච්චාරණයේ සඳහන්.

වෝල්ටර්ගේ අතුරුදන් වීම පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දුන් පසු වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති එරික්‌ පෙරේරාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කරද්දී නිවැසියන් පවසා ඇත්තේ වෝල්ටර් ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගිය බවයි.

පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කරන විට සැකකරුවන් නිවස අතහැර පලා ගොස්‌ තිබෙනවා.

ඝාතනයට ලක්‌ වූ වෝල්ටර් නමැත්තාගේ සිරුර අද (09 වැනිදා) පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site