Home News Breaking අනියම් සබඳතා වලින් උපදින දරුවන් මැද පෙරදිග ධන කුවේරයන්ට විකුණන ජාවාරමක් හසුවෙයි

අනියම් සබඳතා වලින් උපදින දරුවන් මැද පෙරදිග ධන කුවේරයන්ට විකුණන ජාවාරමක් හසුවෙයි

563 views
SHARE

අනියම් සබඳතා හේතුවෙන් ගැබ් ගන්නා දිළිඳු කාන්තාවන් හඳුනා ගෙන ඔවුන් පෞද්ගලික රෝහල් වලට ඇතුළත් කර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු දරුවන් මැද පෙරදිග ධන කුවේරයන්ට ඉහළ මිල ගණන් වලට අළෙවි කරන බව කියන ජාවාරමක තොරතුරු මහනුවර පොලීසිය විසින් අනාවරණය කර ගැනීමට සමත් වුණා.

ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනකු ද ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙම කාන්තාවන් තිදෙනා අතර මෙයට දින පහකට පෙර දරුවකු ප්‍රසූත කළ මවක් හා එම දරුවා අළෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළා.

මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී දරුවා ප්‍රසූත කර තිබෙන තිස්නව හැවිරිදි කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර ඇගේ වැඩමහළු දියණිය විසින් පොලීසියට කරන ලද පැමිණිල්කින් පසු ඇය ප්‍රසූත කළ දරුවා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ නිවසක සඟවා සිටියදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

ගැබිණියකව සිට තම මව රෝහල් ගත වීමෙන් පසු දරුවකු නිවසට රැගෙන නොපැමිණීම හේතුවෙන් සැකසිතීයි ඇගේ දියණිය ඒ බව පොලීසියට පවසා තිබෙන්නේ.

දරුවා ප්‍රසූත කර අළෙවි කළ බව කියන මව මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සෙසු සැකකාරියන් දෙදෙනා මහනුවර මහයියාවේ හා ගාල්ලේ පදිංචිකරුවන් වනවා.

ළමයින් විදේශ රටවල ධන කුවේරයන්ට අළෙවි කිරීමේ නිරත ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනා අදාළ මව පෞද්ගලික රෝහලට ඇතුළු කර දරුවා බිහිකළ පසු රෝහල් බිල්පත් ගාස්තු සියල්ල ගෙවා ව්‍යාජ උප්පැන්න සහතිකයක්ද සකස්කර දරුවා ගාල්ලට රැගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site