Home News Breaking බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය සිසුවියක් දරුවෙක් ප්‍රසුත කරයි

බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය සිසුවියක් දරුවෙක් ප්‍රසුත කරයි

2,168 views
SHARE

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත්වූ 16 වියැති පාසල් සිසුවියක් පසුගියදා පිරිමි දරුවෙකු ප්‍රසුත කළ බව රෝහල් ආරංචි පවසනවා.

එම සිසුවිය අපයෝජනය කළ බව කියන පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, ඇයගේ මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වූ විජයලත් විදුරගේ සම්පත් සෝමවීර (අවු.35) නමැත්තෙක් බවයි පොලීසිය සඳහන් කලේ.

සිසුවිය දරුවා බිහිකරනතුරු ඇය ගැබිනියක බව නොදැන සිටි බව සිසුවියගේ මවුපියන් පොලීසියට පවසා තිබෙනවා.

සිසුවියගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම දරුවාගේ පියා මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා (බාප්පා) බවයි.

පවුලේ වැඩිමල් දියණිය වන මෙම සිසුවියට බාල සෙහොයුරෙකු ද සිටිනවා. ඇගේ මවුපියන් කුලී රැකියා කරමින් ජීවත් වන අතර, ඔවුන් රැකියාවට ගියපසු නිවසට පැමිණෙන බාප්පාගේ බලකිරීම මත පසුගිය 2016 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා විටින් විට අපයෝජනය ලක්වූ බව දැරිය පොලීසියට සඳහන් කර තිබෙනවා.

දරුවා කුස දරාගෙන පාසල් ගොස් පසුගිය 2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ ඇය විෂයන් නවයම සමත්වී එයින් විෂයන් හතරකට සම්මානද ලබා ගෙන ඇති බව වාර්තා වනවා.

පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගොස් ඇති ඇය කිසිදු මාතෘ සායනයකට සහභාගිවී නෑ.

දරුවා සහ මව ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ප්‍රසව හා නාරිවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය බිම්සර පෙරේරා සඳහන් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site