Home News Breaking විදේශ රැකියා අමාත්‍යවරියගෙන් දකුණු කොරියා‍වට යන අයට විශේෂ නිවේදනයක්

විදේශ රැකියා අමාත්‍යවරියගෙන් දකුණු කොරියා‍වට යන අයට විශේෂ නිවේදනයක්

444 views
SHARE

දකුණු කොරියා‍වේ රැකියා සඳහා පිටත් වන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගෙන් රුපියල් ලක්ෂ 05ක ආරක්ෂණ මුදල අය කර ගැනීම වහාම අත්හිටුවීමට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ඊයේ (09) දින සිට එය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.

දකුණු කොරියාව සඳහා නීතයානුකූලව පිටත් වන ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන ඇප බැඳුම්කරයට අමතරව මෙම මුදල අය කිරීමට තීරණය කර තිබු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස දැනුම් දී ඇති අමාත්‍ය තලතා අතුකෝරල ඒ පිළිබඳ කොරියානු භාෂා විභාගය සමත් අපේක්ෂකයින් දැනුවත් කරන ලෙසද උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වන විට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000ක් පමණ රැකියාවල නිරත වන අතර පසුගිය වසරේ ශ්‍රමිකයින් 6629 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site