Home News Politics නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කරන තීරණයට මොකද වුණේ?

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කරන තීරණයට මොකද වුණේ?

394 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබෙනවා.

අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සමග පසුගියදා ඇති වූ ආරවුල හේතුවෙන් මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න හා රාජිත සේනාරත්න අතර ඇතිවූ මතගැටුම පිළිබඳව ඊයේ (09) කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත් එය සුහදත්වයෙන් සමථයකට පත් කර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ දෙකෙහිම අමාත්‍යවරු සාමූහිකව කටයුතු කළ යුතු බැවින් ගැටලු මතු වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින්නැයි එහිදී ජනාධිපතිවරයා දෙපාර්ශ්වයට අවවාද කළ බව මහින්ද අමරවීර සඳහන් කළා.

නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බව රාජිත සේනාරත්න හා සෙනෙවිරත්න කැබිනට් මණ්ඩලයේදී එකඟත්වය පළ කළ නිසා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් කනගාටුව ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා එහිදී ආදී දුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site