Home News Breaking අභිරහස් ලෙස මියගිය සරසවි සිසුවියගේ මරණයේ සුළමුල හෙළිවෙයි

අභිරහස් ලෙස මියගිය සරසවි සිසුවියගේ මරණයේ සුළමුල හෙළිවෙයි

7,435 views
SHARE

මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්, ඇය තාවකාලිකව පදිංචිව සිටි නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බව වාර්තා කරනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ ඇගේ සැමියාකළ දැනුම්දීමකට අනුව මළ සිරුර සොයාගත් බවයි.

අදාල සිසුවිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ බවයි වාර්තා වන්නේ.

27 හැවිරිදි ඇය සිය සැමියා සමඟ තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ පිලියන්දල මඩපාත තිඹිරිගස්වත්ත ප්‍රදේශයේ නිවසකයි.

විලාසිතා සහ මෝස්තර නිරූපණ ශිල්පය නැමැති විෂය ඇය විසින් හදාරා ඇති අතර එහි ව්‍යාපෘතියක් පෙරේදා භාර දීමට නියමිතව තිබු බව සඳහන්.

ඒ අනුව ඇය සිය සැමියා සමඟ පෙරදා අළුයම් කාලය දක්වා එම ව්‍යාපෘතිය සකස් කර ඇති බවට වාර්තා වනවා.

අළුයම් කාලයේදී සැමියා නින්දට ගොස් ඇති අතර ඔහු අවදි වී බලන විට සිය බිරිඳ දක්නට ලැබී නැහැ.

කෙසේ වෙතත් නාන කාමරයේ කරාමය තුළින් නොකඩවා වැටෙන ජලයේ ශබ්දය හේතුවෙන් එය පරීක්ෂා කළ සැමියාට දක්නට ලැබී ඇත්තේ එහි වැටී සිටි සිය බිරිඳගේ සිරුරයි.

පසුව ඇය රෝහල්ගත කිරීමට කටයුතු කලද ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.

මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඇය හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණා.

අදාල සරසවි සිසුවිය වසර ගණනක සිට හෘද රෝගයකින් පෙළි ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව 2008 වසරේ සිට අඛණ්ඩව ඇය ඊට ඖෂධ ද ලබා ගෙන ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site