Home News Breaking සිරිපා සමය අදින් අවසන්

සිරිපා සමය අදින් අවසන්

165 views
SHARE

මෙවර සිරිපා වන්දනා වාරය අදින් (10) අවසන් වනවා. ඒ අනුව මාස හයක කාලයක් සිරිපා මළුවේ තැන්පත්කර තිබූ සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා හෙට (11දා) උදෑසන සිරිපා මළුවෙන් පහළට වැඩම කරවීමත් සමගම 2016-2017 සිරිපා වන්දනා වාරය අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ සඳහන් කළා.

සිරිපා වන්දනා සමය අවසන් කරමින් මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමා මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයට හෙට (11දා) රාත්‍රිය වනවිට වැඩමකරවන බවද උන්හවන්සේ පැවසුවා.

පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයේ පුදපූජා හා ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු 12 වන දින උදෑසන සධාතුක කරඬු සහ සුමන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයට රිය පෙරහරින් වැඩම කරවා එහි පිහිටි සමන් දේවාලයේ තැන්පත් කරන බවද ධම්මදින්න හිමියෝ වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site