Home News Business මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියේ කුටප්‍රාප්තිය සහ අවසාන ජලාශය මොරගහකන්ද

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියේ කුටප්‍රාප්තිය සහ අවසාන ජලාශය මොරගහකන්ද

412 views
SHARE

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියේ කුටප්‍රාප්තිය සහ විශාලම ජලාශ ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘතියහි ජල රැඳවුම් උළෙල පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරම්භාවුනා.

අධික වියලි කාලගුණයක් පැවති පසුගිය දිනයන්හි ජල රැඳවුම් සිදුකිරීම දැඩි අභියෝගාත්මක කරුණක්ව පැවතියද වියලි බිම් තෙත්කරමින් දිනකිහිපයක් මුළුල්ලේ ඇදවැටුණු වර්ෂාව ඒ සියල්ල මකා දමනු ලැබුවා.

දීර්ඝ සති අන්තයක් බැවින් මහ ජන ගඟක් මොරගහකන්ද ජලාශය නැරඹීමට පැමිණ තිබීම විශේෂ කරුණක් විය. පෝය දිනයේ හා සති අන්තයේ අනුරාධපුර, සිගිරිය, පොලොන්නරුව වැනි ප්‍රදේශවලින් ද මොරගහකන්ද ජලාශය නැරඹීමට ජනතාව පැමිණ සිටියා.

මොරගහකන්ද මෙවන් විශේෂ ව්‍යාපෘතියක් වුවද මොරගහකන්දේ නියමුවාණන්වූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක පුවරුවක් හෝ දැන්වීමක් ඒ අවට කිසිදු ස්ථානයක නොවීමයි.

මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසාන මහාජලාශ ව්‍යාපෘතිය ලෙසද සැලකෙයි.