Home News Politics එදා බර්ටි එලවා මහා ඇමති පුටුවට උදම් ඇනු එස්.එම්. රංජිත්ට සිය අසුන...

එදා බර්ටි එලවා මහා ඇමති පුටුවට උදම් ඇනු එස්.එම්. රංජිත්ට සිය අසුන එපාවෙයි

1,431 views
SHARE

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍ය එස්.එම්. රංජිත් සිය ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ.ඒ. නන්දසේන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමගයි.

එස්.එම්.රංජිත් කියා සිටියේ චෝදනා විරහිත ඉවත් කිරීම්වලට විරෝධය පළ කරමින් තමා ඉල්ලා අස්වූ බවයි.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ “කේ.එච්. නන්දසේන අමාත්‍යතුමා මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. පල්ලෙහාම මනාප සංඛාවක් ගත්ත මන්ත්‍රීවරයෙක් මේ වෙන කොට ඒ අමාත්‍යධුරයේ දිවුරුම් දීලා තියෙනවා. මේ වගේ චෝදනා විරහිතව අයින් කිරීම පිළිබඳව දැඩි වි‍රෝධතාවක් හිටපු මහ ඇමතිවරයා හැටියට මම ප්‍රකාශ කරනවා. ඒ නිසා සමුපකාර ප්‍රවාහන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ කර්මාන්ත වෙළෙඳ හා වාණිජ අමාත්‍ය ධුර‍යෙන් ඉල්ලා අස්වෙන්න මම තීන්දු කළා. මම ආණ්ඩුකාරවරයාට මේ සඳහා ලිඛිතව ඉවත් වීමේ ලිපිය ලබා දෙන්න කටයුතු කරනවා. අපි ස්වාධින පුද්ගලයෝ හැටියට මමත් ඉවත් කරපු ඇමතිවරයා සහ අනෙකුත් මන්ත්‍රීවරු බහුතරයක් අපි ඉන්න අවශ්‍ය ඒ වැඩසටහන ඉදිරියට ගෙනියනවා.” යන්නයි.

මේ අතර කේ.ඒ. නන්දසේන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එම්. හේරත් පත්කර තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, පරිසර සහ පළාත් සභා කටයුතු අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාර පුංචි බණ්ඩා දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

කේ.ඒ. නන්දසේන ඉවත් කිරීම සම්බන්ධයෙන් C NEWS පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ දේශපාලන කරුණු කිහිපයක් මත ඔහු එම තනතුරෙන් ඉවත් කළ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site