Home News Breaking කොස්ගොඩින් ඇහෙන වෙසක් පෝයට කලින් කල අහස පොළොව නුහුලන අපරාධය

කොස්ගොඩින් ඇහෙන වෙසක් පෝයට කලින් කල අහස පොළොව නුහුලන අපරාධය

1,104 views
SHARE

කොස්ගොඩ, බොරලුකැටිය ප්‍රදේශයේ 38 හැවිරිදි සිවුදරු මවක් සහ ඇගේ මාස 6ක් වයසැති කුඩා දරුවා කිසියම් අයකු විසින් ඊයේ (09දා) දහවල් කපා කොටා මරාදමා තිබෙනවා.
මෙසේ මරා දමා ඇත්තේ බොරලුකැටිය උෟරගස්මංහන්දියේ පදිංචිව සිටි ටොම්මයා හතුරු රේණුකා (38) නමැති කාන්තාව සහ ඇගේ මාස 6 වයසැති බිලිඳියයි.

ඊයේ සවස 3.00ට පමණ 119 දුරකතන අංක ඔස්සේ මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියට පැමිණිල්ල ලැබී ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය කුමන අවස්ථාවක සිදුවූවාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් කැත්තකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි කොස්ගොඩ පොලිසිය සදහන් කලේ.

මියගිය කාන්තාව මීට වසර 21කට පෙර බොරලුකැටියේ පදිංචි සුනිල් නමැති අයකු සමඟ විවාහ වී තිබෙන අතර ඔහුට දාව මෙම කාන්තාවට වයස අවුරුදු 20, 18 සහ 14 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු සිටිනවා.
දරුවා ලැබෙන්නට සිටියදී මීට වසර 14කට පෙර සුනිල් නමැති අය මියගිය කාන්තාව අතහැර ගොස් දමා තිබෙන බවත් දැනට වසර කීපයක සිට ඇය අහුන්ගල්ල කටුවිල පදිංචි අයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මස 6 වයසැති දරුවා ලැබී තිබෙන බවත් කොස්ගොඩ පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.එස්. ඉරාන් ඇතුළුකණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මෙම ඝාතනය අනියම් පුරුෂයා විසින් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site