Home News Breaking පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයා ගැනෙයි

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයා ගැනෙයි

490 views
SHARE

පිළියන්දල මොරටු පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තබා පලා ගිය යතුරු පැදියක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මහරගම දෙහිවල පාරේ වෙළඳසැලක් අසල මෙම යතුරු පැදිය දමා ගොස් තිබියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ.

පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු මියගියා.

සිද්ධියෙන් අට හැවිරිදි දැරියක, 15 හැවිරිදි දරුවකු හා පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පස් දෙනකු තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාටම ශල්‍යකර්ම සිදු කල බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කලේ.

මෙම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා කියා සිටියේ.

වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථ තුනකට හානි සිදුව ඇති අතර සැකකරුවන් පලාගොස් තිබෙනවා.

ඔවුන් සන්තකයේ මත්කුඩු කිලෝ 10ක් පමණ තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම වැටලීම සිදු කිරීමට පැමිණි බව පොලිසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site