Home News Business ශ්‍රී ලංකන් ගොඩගන්න ඇමරිකාව පෙරට

ශ්‍රී ලංකන් ගොඩගන්න ඇමරිකාව පෙරට

379 views
SHARE

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරින් ටී.පී.ජී. නමැති අමෙරිකානු සමාගම මේ වන විට ඒ සඳහා සුදුසු බවට යෝජනා වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා සමාගම රාජ්‍ය පෞද්ගලික එකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා රජය පසුගියදා ආයෝජකයින්ට අරාධනා කලා.

ඒ අනුව ලංසු ඉදිපත් කර තිබූ ආයෝජකයින් 10 දෙනෙකු අතරින් ශ්‍රී ලාංකික සම්බන්ධයක් ඇති පීස් එයාර් සමාගම, මාලදිවයිනට සම්බන්ධ සුපර් ගෘප් සමාගම සහ අමෙරිකානු සමාගමක් වන ටී.පී.ජී. සමාගම අවසන් ලැයිස්තුවට ඇතුළත්ව තිබුනා.

මේ අතරින් සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර ඔවුන් මේ වන විට එක් ආයෝජකයෙකු යෝජනා කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා

“ඒ ආයතන තුනෙන් එක් ආයතනයක් එක්ක පමණක් සාකච්ඡා තියන්න තීරණයක් අරගෙන තියෙනව ඒ කොමිටුව. ඒ තීරණය කොමිටුව රජයට දීලා තියෙනවා. ඒ ආයතනය එක්ක රජය සාකච්ඡා කරගෙන යනවා. ඒක් දීර්ඝ සාකච්ඡාවක්. එය සඟවලා කරන්න යන ක්‍රියාවලියක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් කරන්නේ. ඒකෙන් සඳහන් කරන්නේ ඒ ආයතනයට මේක සම්පූර්ණයෙන් දෙනවා කියලා නෙමෙයි. මේක සාකච්ඡාවට පමණයි. සාකච්ඡා කරලා අපේ අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන්නම් ඒ ආයතනය සමග ගනුදෙනුවක් කරන්න පුළුවන්.“

මෙම අමෙරිකානු සමාගම මෙරට වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කර ඇති බවද සදහන් ඒ අමෙරිකාවේ ටී.පී.ජී සමාගම දැනටමත් මෙරට ව්‍යාපාර කිහිපයක ආයෝජනය කර ඇති අයුරු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු විමසා බැලීමේදී දැකගත හැකිවනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site