Home C Gossip සියල්ලන්ගේම දෑස් ඉදිරිපිට මෝටර් රථයේ සිටි දියණිය හා පියා දියේ ගිලුණු හැටි...

සියල්ලන්ගේම දෑස් ඉදිරිපිට මෝටර් රථයේ සිටි දියණිය හා පියා දියේ ගිලුණු හැටි VIDEO

840 views
SHARE

සැමගේ හදවත් කම්පාවට පත්කළ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සුඛෝපභෝගී ජීප් රථයක් ජලයේ ගසාගෙන ගොස් ගිලී යන ආකාරයයි.

වඩාත් සංවේදී කාරණාව වන්නේ එම අවස්ථාවේ අදාළ රථය තුළ පියෙකු සහ දියණියක් සිරවී සිටීමයි.

කෙසේ වෙතත් අදාළ අනතුර සිදුවූ මොහොතේ අසල සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු තම දිවි පරදුවට තබමින් ඔවුන් බේරාගැනීමට උත්සහ ගන්නා අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

සියලු උත්සාහයන් පරාජය කරමින් සියල්ලන් කම්පාවට පත්කරමින් එම ජීප් රථය ජලයේ ගිලී ගොස් තිබෙනවා.

අදාළ අනතුර වැනීසියේ කලපුවක් ආසන්නයේ සිදුවූවක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 88 හැවිරිදි Eugene Hayden නමැති පුද්ගලයෙක් සහ ඔහුගේ දියණිය වන 64 හැවිරිදි Carol Hayden බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පදවා ඇත්තේ දියණිය විසින් බවයි එම වාර්තාවන් වල දැක්වෙන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ සිටි අයෙකු තම ජංගම දුරකථනයෙන් රුගත කළ එම දර්ශන පෙළ පසුව ෆ්ලොරිඩා පොලීසිය විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම සංවේදී දර්ශන පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site