Home News Breaking නිවසක මියගිය කාන්තාවකට ක්ෂණිකව පණ ඇවිත්

නිවසක මියගිය කාන්තාවකට ක්ෂණිකව පණ ඇවිත්

476 views
SHARE

මාලඹේ රත්නාරාම ප්‍රදේශයේ නිවෙක මිය ගොස් සිටි බවට සැක කළ කාන්තාවකගේ හුස්ම වැටීම හේතුවෙන් වහාම ඇය රෝහල් ගත කර ජීවිතය බේරා ගැනීමට අතුරුගිරිය පොලීසිය කටයුතු කර තිබෙනවා.

නිවසක් තුළ පුද්ගලයෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සඳහා හදිසි මරණ පරීක්ෂකවරිය සමග එහි ගොස් පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ කාන්තාවකගේ හුස්ම වැටෙනු දැක ඇය රෝහල් ගත කිරීමෙන් මෙසේ ජීවිතය බේරා ගෙන ඇති බව සඳහන්.

හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුළම මිය ගොස් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබුණු බව පොලීසිය කියා සිටියා.

පසුව බොහෝ වේලාවක් ඔවුන්ට කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින්ද මෙම ගෙහිමියන් දින දෙකකින් පමණ නොදුටු බව අසල්වාසීන් පැවසූ නිසාවෙන් ද ඔවුන් දෙදෙනාම නිවස තුළ මිය ගොස් ඇතැයි සිතූ පොලිසිය තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකවරිය සහ නුගේගොඩ පොලිස් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කැඳවාගෙන මරණ පරීක්ෂක කටයුතු සදහා නිවසේ දොරගුලු කඩා ඇතුළු වී තිබෙනවා.

කාන්තාවගේ හුස්ම වැටෙනු දැක වහාම සුව සැරිය ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට කටයුතු කිරීම නිසාවෙන් එම කාන්තාවගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මිය ගොස් සිටි බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site