Home News Breaking මරණය පෙනී පෙනී මස් කඩේ ලඟදි කිරි එළදෙනට පැටවකු ලැබිලා

මරණය පෙනී පෙනී මස් කඩේ ලඟදි කිරි එළදෙනට පැටවකු ලැබිලා

549 views
SHARE

මස් පිණිස මරන්නට ගෙන ගිය ගැබ් ගත් එළදෙනකට මරණය පෙනි පෙනී පැටියා බිහි වූ පුවතක් වාර්තා වනවා.

පැටවාගේ හා මවගේ ජීවිත බේරාගැනීමට අනුරාධපුර, කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ට හැකි වූ බව කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරයකු සඳහන් කළා.

“මම ගියා කහටගස්දිගිලිය කිරිඉබ්බෑව කියන ගමේ තියෙන හරක් මස් කඩයට. හෙට දිනේට මරන්නට ඉන්න හරක් වෙන් කරලා තියෙන තැන තමයි මේ එළදෙනත් ඉඳලා තියෙන්නේ. පසු දාට එළි වෙන්න මේ එළදෙනට පැටියා බිහි වෙලා. මම ගියාට පස්සේ මස් කඩේ අය මේ එළදෙන පෙන්නුවා. පැටවාත් එළදෙනටත් වටිනාකම වශයෙන් රුපියල් 60,000ක මුදලක් අපි ගෙව්වා. ඉන් අනතුරුව මරණයට කැපවුණු ගවයා අපට නිදහස් කර ගැනීමට හැකි වුණා.”
යනුවෙන් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශාරීරික අධ්‍යාපන ගුරුවරයකු වන ශාන්ත යාපා සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site