Home News Breaking සොයුරියගේ දරුවා පැහැරගත් සොහොයුරා සියල්ල වමාරයි මෙන්න කථාව

සොයුරියගේ දරුවා පැහැරගත් සොහොයුරා සියල්ල වමාරයි මෙන්න කථාව

3,080 views
SHARE

පසුගිය 3 වනදා ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අවුරුදු 2 මාස 8 ක් වන පිරිමි දරුවෙකු සහ එම දරුවාගේ මවගේ සොයුරා (මාමා) වන 23 හැවිරිදි තරුණයෙකු හදිසියේ අතුරුදන්වීම හරහා ගම්පොළ ප්‍රදේශය උණුසුම් වුනා.

ඒ අතුරුදන්වීමත් සමග ඉන් පසුව ලැබුණු කප්පම් ඇමතුම් ලැබීමත් සමගයි.

මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ සැල අසලම ඔවුනගේ නිවාස පිහිටා තිබෙන අතර දවල් ආහාරය රැගෙන දරුවාද සමග මාමා නිවසේ සිට වෙළෙඳ සැලට ගිය අතරවාරයේ මෙම දෙදෙනාගේ අතුරුදන්වී සිදුවී තිබෙනවා.

පසුව මාමාගේ දුරකතන අංකයෙන් වරින්වර ව්‍යාපාරිකයාට ලැබුණු දුරකථන ඇමතුම් වලින් දන්වා තිබුනේ මිලියන 3 ක මුදලක් දෙන්නේ නම් මෙම දෙදෙනාව මුදාහරින බවයි.

එසේ කථා කරන ලද පුත්ගලයා පසුව වරින්වර ඇමතුම් ලබාදී එම මුදල ලක්ෂ දහය දක්වා අඩුකර ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණද ආරම්භ කෙරින.

මෙසේ පරීක්ෂණ සිද්ධවෙන අතරතුර ඉකුත් 6 වනදා උදෑසන අතුරුදන් බව කියන තරුණයා නිදහස්වී නිවසට පැමිණි අතර ඔහු කියා සිටියේ තමා දරුවා සමග ගාල්ල ප්‍රදේශයේ නිවසක රඳවා තිබුණ බවත් දරුවාව මුදාහැරීමට මුදල් ඉල්ලන බවත් තමාව පමණක් මහනුවරට ගෙනවිත් දමා නිදහස් කළ බවත් තරුණයා පොලිසියට ඉන් පසුව ප්‍රකාශ කර තිබුනා.

තරුණයා සම්බන්ධයෙන් ලැබී තිබුණ තොරතුරු සහ ඔහු මේ කතාව ගොතා කියන්නක් බවට වැටහුණ ඉව ඔස්සේ අද දහවල් පොලිසිය තරුණයාව තවදුරටත් ප්‍රශ්න කිරීම් වලට භාජනය කළේ ඔහු ගැන සැකයක් මතුවූ නිසාය.

ඒ අනුව පොලිසිය දිගින් දිගටම විමසීමේදී තරුණයා ඇත්ත කියූ අතර තමා මෙම කප්පම් සිද්ධිය මෙහෙයවා දරුවාව මඩකලපුවේ නිවසක සඟවා මුදල් ලබාගැනීමේ මෙහෙයුමක් දියත් කළ බව දන්වා සිටියා.

ඒ අනුව ඔහුගේ තොරතුරු ඔස්සේ පැහැරගත් කුඩා දරුවා මඩකලපුව, කරඩියනාරු ප්‍රදේශයේදී එදිනම සවස සොයාගනු ලැබූ අතර කරඩියනාරු පොලිස් වසමට අයත් උරුකාමම් ප්‍රදේශයේ මවක සහ දියණියක වාසය කරන නිවසක මෙම දරුවා රඳවා සිටියදී මෙලෙස පොලිසිය විසින් මුදවගත්තා.

ඉන් අනතුරුව දරුවා පැහැරගෙනයාම සැලසුම් කළ තරුණයා සහ මඩකලපු නිවසේ මව හා දියණියද පොලිස් අත්අඩංගුවට පත්වූ අතර සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

මෙම සැලසුම සිදු කළ අබ්දුල් රහීම් මොහොමඩ් නමැති තරුණයා මානසික ආබාධයකින් පෙළෙන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු එම රෝගය වෙනුවෙන් මහනුවර මහ රෝහලේ සායනයකට යාමට පහසුව පිණිස සිය සොයුරියගේ නිවසට පැමිණි අවස්ථාවක ඇගේ දරුවා පැහැරගෙන ගොස් තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site