Home News Breaking පිළියන්දලදී පාතාලෙ මධුෂ්ගේ උගුලට අසුවූ කුඩු මෙහෙයුමේ ඔබ නොදන්න ඇතුලාන්තය මෙන්න

පිළියන්දලදී පාතාලෙ මධුෂ්ගේ උගුලට අසුවූ කුඩු මෙහෙයුමේ ඔබ නොදන්න ඇතුලාන්තය මෙන්න

16,137 views
SHARE

පෙරේදා රාත්‍රී පිළියන්දල ප්‍රදේශයේදී මත්කුඩු වැටළීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාර සැලසුම් සහගත ක්‍රියාවක් බවට මේ වනවිට තොරතුරු වර්තවනවා.

සිද්ධිය සම්බන්දහයෙන් කල විමර්ශන වලදී හෙළිවී ඇත්තේ පාතාලයෙන්ම යෙදවූ අයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස රඟපාමින් පොලිසියට බොරු ඔත්තුවක් ලබාදී පොලිස් නිලධාරීන් නොමග යවමින් මෙලෙස කුඩු විකුණන පුත්ගලයින් අත්අඩංගුවට ගන්නට යන පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබු බවයි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ කුඩු කිලෝ 3ක් විකුණන්නට ඇතැයි පොලිසිය නොමග යවමින් බොරු තොරතුරු ලබාදී ඇත්තේ කුඩු විකුණන දකුණේ පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙක් බවත් මත්දුව්‍ය වැටළීමේ නිරත දක්ෂ පොලිස් නිලධාරීන් බිලිබාගැනීමේ අදහසින් මෙලෙස බොරු ඔත්තුව ලබාදී කුඩු මිලට ගන්නට එන මුවාවෙන් ඔවුන් ඝාතනය කිරීම සැලසුම බවයි.

මෙලෙස ඔවුන් දියත්කල උපාය මාර්ගයෙන් මධුෂ්ගේම තවත් ගෝලයෙකු වෙත පොලිසිය ලවා ඇමතුම් ලබාදී තිබෙන අතර රුපියල් ලක්ෂ 40 කට එම කුඩු තොගය ලබාදීමට සූදානම් බව කියමින් ගනු දෙනුව සිදුකිරීමට කතිකා කරගෙන ඇත.

මෙලෙස පොලිස් නිලදාරීන් කුඩු විකුණන පුද්ගලයා සමග දුරකථනයෙන් ඇති කරගත් එකඟතාවය මත මින් දින කිහිපයකට පෙර මුදල්ද රැගෙන දෙහිවල ප්‍රදේශයේ නම් කළ ස්ථානයක දී මෙම ගනු දෙනුව සිදු කිරීමට යොදාගෙන ඇති අතර මෙලෙස කුඩු මිලදී ගන්නා අවස්ථාවේ මෙම වැටළීම සිදුකිරීමට සූදානමින් ගමන් කර තිබුණ නමුත් පාතාල ගෝලයා එම අලෙවිය පසුව වෙනස් කර බොරලැස්ගමුවට එන්නැයි දන්වා ඇත.

බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුණු වැටලීම් රැසක් සිදුකල දක්ෂ පොලිස් නිලධාරියෙකුවූ පොලිස් පරීක්ෂක රංගජීව මෙලෙස වෙස්වළාගෙන සිදු කරන වැටළීම සියතට ගෙන ඇත. පසුව රංගජීව ප්‍රමුඛ පිරිස බොරලැස්ගමුවට ගමන් ගත් පසු එයද වෙනස් කර ඇත.

සිද්ධියට දින දෙකකට පෙර පිළියන්දල ස්ථානයක් දන්වා ඇත්තේ ඉන් පසුව වන අතර පොලිස් කණ්ඩායම පාතාල ගැටයට හසුවී තිබෙන අතර අල්ටෝ වර්ගයේ කුඩා මෝටර් රථයෙන් රංගජීව ප්‍රමුඛ නිලධාරීන් රුපියල් ලක්ෂ 40ක්ද රැගෙන වැටලීම සඳහා සහභාගිවී සිටියදී පාතාල සාමාජිකයින් පිළියන්දල අවට තැනින් තැන නම් කරමින් පොලිසිය නොමග යවා මහජන බැංකුව අසළට එන්නැයි අවසානයේ දන්වා සිටීමෙන් පසු මෙම ප්‍රහාරය සිදු කර තිබේ.

සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මොවුන්ගේ වාහනයට තැබූ වෙඩි පහර නිසා පොලිස් කොස්තාපල්වරයෙකු මියගිය අතර තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ පොලිස් පරීක්ෂක රංගජීවට බරපතල තුවාල සිදුවිය.

වෙඩි තැබීම කාර් රථයේ වටේටම සිදුකල නිසා අසල වෙළඳසැලක සිටි කුඩා දරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු ද තුවාල ලබා තිබුණු අතර තුවාල ලැබු ගැහැණු දරුවෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ප්‍රහාරය සිදු කරන්නට උදව් කරගත් යතුරුපැදිය මහරගම දෙහිවල පාරේ හැරදමා ගොස් තිබියදී පසුව සොයාගත් අතර වැටළීම සඳහා මුල්වූ පොලිස් පරීක්ෂක රංගජීව මේ වනවිට සිද්ධියෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ හිසට උරහිසට කොන්දට හා පපුවට වෙඩි වැදී ඇති බව සදහන්.

2016 වසරේ හෙරොයින් කිලෝ 111 සමග ඉරාන ජාතිකයෙකු අල්ලාගැනීමේ දැවැන්ත වැටළීමටද මුල්වූයේ රංගජීව වීමත් දැනට පොලිසියේ සිටින වැඩිම මත්ද්‍රව්‍ය වැටළීම් සිදුකර ඇති තැනැත්තා ඔහු වීමත් නිසා කුඩු පාතාලයට අභියෝගයක් වීම නිසාත් ව්‍යාජ පොලිස් ඔත්තුවක් නිර්මාණය කරමින් පාතාල නායක මධුෂ් මුල්වී මෙම ප්‍රහාරය සැලසුම් කරන්නට ඇත්තේ රංගජීව ඝාතනය කිරීමේ අරමුණින් බව පොලිසිය සැකකරනවා.

පොලිසිය නොමග යවන ලද පුද්ගලයා මින් ඉහත මත්කුඩු සමග අසුවී පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවද පසුව හෙළි වී තිබෙන අතර ඔහු සිය දුරකථනය මේ වනවිට විසංධි කරගෙන සිටින අතර ඔහු සහ මෙම ප්‍රහාරය සිදුකළ අය සෙවීමට පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site