Home News Breaking ලේසර් තොරණ කඩා වැටීලද ?

ලේසර් තොරණ කඩා වැටීලද ?

702 views
SHARE

ගාලු මුවදොර පිටියේ ඉදි කර ඇති ලේසර් තොරණ කඩා වැටී ඇති බවට පළ වන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වරාය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය සඳහන් කළේ අර්ජුණ රණතුංගගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 7.00ට ලේසර් තොරණ දෙවන දිනටත් විවෘත කිරීමට නියමිත බවයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ ඉදි කර ඇති ලේසර් තොරණ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පළමු දිනට විවෘත කරනු ලැබුවා.

ලබන 13 වනදා දක්වා ලේසර් තොරණ මහජන ප්‍රදර්ශනයට විවෘත අතර හෙට දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එය තෙවන දිනට විවෘත කිරීමට නියමිත බව වරාය අමාත්‍යංශය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site