Home News International ලොව විශාලතම ළමා ලිංගික අපයෝජකයා හසුවෙයි

ලොව විශාලතම ළමා ලිංගික අපයෝජකයා හසුවෙයි

2,144 views
SHARE

ළමුන් ලිංගිකව අපයෝජනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගලයෙකුට තිස් වසරක සිරදඬුවමක් නියම වී තිබෙනවා.

ස්ටීවන් චේස් නමැති මොහු විසින් වසර 2014 දී නිර්මාණය කරන ලද මෙය ළමා අපචාර සඳහා ක්‍රියාත්මක වූ ලොව විශාලතම වෙබ් අඩවිය බවටයි වාර්තා වන්නේ.

ඡායාරූප සහ වීඩියෝ පට 50,000කට අධික ප්‍රමාණයක් අඩංගු වූ මෙම වෙබ් අඩවිය නිර්මාණය කර වසරක අවෑමෙන් තහනමට ලක්වුණා.

ඒ වනවිට 150,000කට අධික පිරිසක් එම වෙබ් අඩවිය භාවිත කරමින් සිට ඇති බව විදෙස් පුවත් අනාවරණය කරනවා.

“Playpen” නමින් හැඳින්වුණු මෙම වෙබ් අඩවිය වසා දැමීමත් සමඟ අපචාරයට ලක්වෙමින් සිටි ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවූ බව ඇමරිකා එක්සත් ජනපද බුද්ධි සේවාව සඳහන් කරනු ලැබුවා.

මෙම වෙබ් අඩවිය යොදා ගනිමින් ළමා අපචාරයන් දැක්වෙන ඡායාරූප බෙදාහැරීම සිදුකළ හෝ ළමුන් අපචාරයට ලක්කළ පුද්ගලයන් 800කට අධික පිරිසක් ලොව නන් දෙසින් අත්අඩංගුවට පත් වී ඇති බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site