Home News Business කුණු වලින් විදුලිය හදන්න මහා බැංකුව සුදානමක

කුණු වලින් විදුලිය හදන්න මහා බැංකුව සුදානමක

199 views
SHARE

දිනපතා නාගරික ප්‍රදේශවලින් ඉවතලන කුණු කසළ භාවිතයට ගනිමින් විදුලිය නිපදවීම ඇතුළු තවත් ඵලදායි ක්‍රියාකාරකම් කෙරෙහි රට යොමු විය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ සිදුවන ශීඝ්‍ර නාගරීකරණය සමඟ අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් අභියෝගාත්මක වී ඇති අතර, මේ සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වයද සහිතව පරිසරයට අවම බලපෑමක් ඇති කරන සහ අඩු පිරිවැයකින් යුතු විසඳුම් හඳුන්වාදීම අවශ්‍ය යැයිද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ මෙම කරුණු ඇතුලත් වන අතර රට තුළ නිපදවෙන ඝන අපද්‍රව්‍යවලින් විශාල ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ නිපදවන බවත් අපද්‍රව්‍ය අවම කිරීමේ, නැවත භාවිත කිරීමේ සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවයද මහ බැංකුව පවසනවා..

නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් එකක් භාවිතයෙන් සාමාන්‍යයෙන් කිලෝ වොට් පැය 481ක විදුලිබලයක් උත්පාදනය කළ හැකි බවත් මේ අගය සාමාන්‍යයෙන් දිනකට ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක 200ක් මඟින් පරිභෝජනය කරනු ලබන විදුලිබලයට සමාන වන බව පෙන්වා දෙනවා.

එබැවින් අපද්‍රව්‍ය බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ ඉඩප්‍රස්ථා පිළිබඳව සොයා බැලීම, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා සහාය වන විකල්ප බලශක්ති ප්‍රභවයක් නිර්මාණය කිරීම යනාදියට රට යොමුවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site