Home Diyawanna Susthara මෛත්‍රිට වඩා අපමණ අගයක්වූ වැලි දයා

මෛත්‍රිට වඩා අපමණ අගයක්වූ වැලි දයා

301 views
SHARE

“රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා”…. කියලා හොදට අහලා පුරුදු ජනප්ප්‍රිය සිංදුවක් තියෙනවා මතකද?

ඉතිං අන්න ඒ වගේ හැමෝම තමන්ගේ ආදර වන්තයා,වන්තිය හදුන්වන්න ආදරේට එක එක වචන පාව්ච්චි කරනවා.

ඒ අතර රත්තරන් වලට හිමිවන්නේ ප්‍රමුක තැනක් ඒ රත්තරන් ගණන් හින්දා……

සමහරු ආදරේට අහනවා “ඇයි රත්තරන් ඔච්චර ගණන් කියලත්” කොහොමෙන් කොහොම හරි ඔන්න හා හා පුරා කියල මෙදා පොටේ ”රත්තරන් ” ගැන නෙමෙයි ආශ්ගේ කෝළමේ ඉස්සිස්සෙල්ලාම ලියන්නේ,

මොකද ”රත්තරන් ” කිව්ව ගමන් කළුතර පැත්තේ හිටපු ඇමතිකෙනෙක්ගේ පුටුව රත්වෙලා ඇති, දෙන්න හදන්නේ ” ආශ් ” ෂොට් එක කියලා…..

වැරදි කරලා තියෙනවානම් පුටුව නෙමෙයි වෙන දේවල් වූනත් රත් උනාට කමක් නැහැ. මොකද දියවන්නාවේ ඉන්න කවුරු කවුරුත් ඉස්සරහට ලුණු අබුල් ඇතිව අහගන්න ලෑස්ති වෙලා ඉන්න එක දැන්මම හොදයි.

මං මුලින්ම “රත්තරන් ” ගැන කිව්වේ අද “රත්තරන් ” වගේම වැලි වලත් මිල ඉහල ගිහින් තියෙනවා. එහෙම උනා කියලා ඔන්න ඉතින් අපේ එවුන් ඉස්සරහට තමන්ගේ ආදර වන්තයා,වන්තියට ආදරේට “වැලි” කයලා පාව්ච්චි කරනවා එහෙම නොවෙයි ඔන්….

දැන් වැලි මාකට් නිසා දියවන්නාවේ ඉන්න සමහර උදවියත් නොදන්නවා වගේ ඇහැ ගහගෙන් ඉන්නේ වැලි වලින් බිස්නස් කරන්න. මෙදා පොටේ ආෂ්ට මට්ටු උනේ මාර පොරක්….

මෙයා අම්පාරෙන් දියවන්නාව තරණය කල දයාව කරුණාව තියෙනවා කියලා රටට පේන්න උඩින් ගමන් යන නමින් දයා ගමගේ. කොහොමත් මෙයා හොද බිස්නස් කාරයා මොන ආණ්ඩුව තිබ්බත් මෙයාගේ බිස්නස් සහයෝගෙන් බෙදාගෙන කරගෙන ගියා ඉස්සර.

ඒ විතරක් නෙමෙයි මෙයාගේ වයිෆුත් දියවන්නාවට ගොඩවූනානේ.. එයා ගොඩවූන විදියත් සදාචාර නැහැ තමයි. කොහොම උනත් මෙදා පොටේ දයා ගොඩයන්න හදන වීදියනම් ඊටත් වඩා විලි ලැජ්ජයි.

ගල්ඔයින් වැලි ගොඩ දාන සෙට් එක කවුද කිව්වහම එක එක නම් ගොඩාක් ඉස්සරහට එනවා. ඒ නම් වලට සප් එක දෙන්නේ කවුද කියලා හෙව්ව්හමයි මතුවෙන්නේ දයා ගමගේව.

මේ සගයෝ ඔක්කොම අනසක පතුරන්නේ ඇමති පවර්ස් වලින් කියලා තමයි වටේ පිටේ ඉන්න උදවිය කියන්නේ. මේ අතර දයාට සෙට් වෙලා පොළොන්නරුවේ වැලි චුලත් ඉන්නවා….

අපේ පොදු අපේක්ෂක තුමත් පොළොන්නරුවේ කෙනෙක් නොවැ ඉතිං එතුමාම තමයි නීති දැම්මේ වැලි ගොඩ ගැනීම තහනම් කියලා.. මං හිතන්නේ එතුමාගෙත් සහෝදරයෙක් මේ සීන් වලින් කප් ගහපු නිසා වෙන්න ඇති මෙහෙම නීති පනවන්න ඇත්තේ.

ඒවා කොහොම උනත් ඔන්න ඉතිං ගමේ කමට වැලි චුලා දයා එක්ක එකතුවෙලා කරන මේ නසරානි වැඩේ ගැන පොඩ්ඩක් හොයලා බලලා රටේ සුබසිද්දියට තීරණයක් ගන්න කියලා “ආශ් ” ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ යහපාලනේ නාමයෙන්.

ඉතිං මාර වැඩේ කියන්නේ දෙගොල්ලෝ එකතුවෙලා හදපු රජයේ ඉන්න දයාලට ජනපති නීති බලපාන්නේ නැති එකයි. මොකද බොලේ එකම රටක නීති ගොඩක් කියලා මේවා දැක්කහම හිතෙනවා.

ඇමති දයා භූවිද්‍යා හා පතල් කැනීම් එකට වැලි ගොඩ දාන්න පර්මිට් දෙන්න පාවිච්චි කරලා තියෙන්නේ පුංචි මිනිට් එකක් විතරයි. භූවිද්‍යා හා පතල් කැනීම් එකේ අද ඉන්න ඩී.ජී ලොක්ක සජ්ජන නම් මේවා ගැන අහුවහම කියන්නේ මමනම් දේශපාලන බලපෑම් වලට හිස නමන්නේ නැහැ කියලයි.

අනේ හත් දෙයියනේ රටේ ලොක්කම වැලි ගොඩදැමීම තහනම් කරලා තියෙද්දී දයාගේ බලපෑම් වලට එතකොට ඔබ තුමාගේ හිස නැතිව අහවල් එකද නැමුණේ කියලා අපිටනම් ගැටළුවක් තමයි… මොකද දයා දියවන්නාවේ හිටියේ නැත්නම් ඔබ තුමා කලින් කිව්ව ඒ වචනේ වලංගුයි හොදේ ඩී.ජී තුමෝ…

ගල්ඔය අම්පාර නිම්නයේ වැලි ගොඩදාන්න දයා පර්මිට් දෙන්න දගලද්දී දයාගේ අයියා ඇමති පවර්ස් ජනපති පවර්ස් වලට වඩා ලොකුයි කියලා ගමට පෙන්නගෙන හොරෙන්ම වැලි ගොඩදාගෙන වැඩේ ජයට කරගෙන යනවා……

මේ වැලි කෙස් එක ගැන දයාගෙන් ඇහුවහම දුන්න උත්තරේ පට්ටම සිරා…. “මම ඉතිං මගේ මිනිස්සුන්ට කරන්නේ නැතිව කාට කරන්නද කියලා” කොහොමද ටිකිරි මොලේ….

කොහොම නමුත් හත් පොලේ ගාගෙන ඉන්න දයා පස්සේ කියනවා මම ඉතිං කිව්වේ සුදුසුකම් තියෙන අයට වැලි ගොඩ දාන්න අවසර දෙන්න කියලා විතරයිලු…..

එතකොට සුදුසුකම් තියෙන්නේ තමන්ගේ අයට විතරද ඇමතිතුමෝ…. හික්…..හික්….හික්…..හික්…. මේවා මල කෝලන් කතා ඇත්තටම මේවා පට්ට චෝර චාටර් කේස්..

මොකද මන් එහෙම කියන්නේ මේ ඇමතිවරු අපිට බබා පාට් දාන්නේ අපි සුප්පුවෙන් කිරිබෝනවා කියලා හිතාගෙන වෙන්න ඇති පව් නේද ….

කවුද බෝල පව් ඇමතිලද රටේ අහිංසක ජනතාවද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් හොදයි දැන්…

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටනේ අන්න ඒ නිසා දියවන්නාවේ තවත් සෙල්ලන් ආශ්ගෙන් ඉස්සරහට බලා ගන්න පුළුවන්.