Home News Breaking ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ පිළිගැනීම මැදින් ලංකාවට පය තබයි PHOTOS

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ පිළිගැනීම මැදින් ලංකාවට පය තබයි PHOTOS

280 views
SHARE

කොළඹදී හෙට (12) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින උළලට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11) පස්වරු 5.45ට දිවයිනට පැමිණියා.

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ විසින්

ගුවන්තොටුපොළේ විශේෂ ආරාධිතයින්ගේ සමරු පොතේ සටහනක්ද තැබූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපොළේ පැවැති කෙටි පිළිගැනීමේ උත්සවයෙන් පසු රිය පෙරහැරකින් කොළඹ බලා පැමිණියා.

ඒ අද පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සවයකට සහභාගී වීම සදහායි.

අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.








cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site