Home News Breaking පොළොන්නරුවේ මාරක අනතුරක් – හතරම එතනමයි – PHOTOS

පොළොන්නරුවේ මාරක අනතුරක් – හතරම එතනමයි – PHOTOS

329 views
SHARE

පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණයින් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොළොන්නරුව පොලිසීය පැවසුවේ තරුණයන් හතරදෙනෙකු යතුරු පැදියේ ගමන් ගෙන ඇති අතර ඔවුන් හතර දෙනාම මෙම අනතුරෙන් මියගොස් ඇති බවයි.

කොළඹ සිට කල්මුනේ දක්වා සංචාරකයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් හා වෙසක් නැරඹීම සඳහා කදුරුවෙල නගරයට පැමිණ ආපසු නිවෙස් බලා යතුරුපැදියකින් යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මෘත දේහ පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site