Home News Breaking කාටත් හොරා හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිස මෝදි සමග සාකච්ඡා කරලා

කාටත් හොරා හිටපු ජනපති මහින්ද ඇතුළු පිරිස මෝදි සමග සාකච්ඡා කරලා

234 views
SHARE

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබේනවා .

මෙවන් සාකච්ඡාව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදුන් බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් ද එක්ව ඇති බව සඳහන්ය.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා ගංගාරාමයේ වෙසන් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස හමුවී තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කියා සිටියේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සමග ඉතාමත් සුහදශීලි සාකච්ඡාවක් පැවති බවයි.

ගතවූ වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේය.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව ඇති බව සඳහන්ය.

චීනයේ මගපෙන්වීම හා ආධාර අනුබල සහිතව ඉකුත් පාලන සමයේ වැඩ ආරම්භ කරන ලද පෝට් සිටි ව්‍යාපෘතියට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් විසින් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට තරයේ අනතුරු අඟවා තිබුණු බවට මීට පෙරාතුව වාර්තා පළවී තිබිණි.

කෙසේ වෙතත් මේ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් ඊයේ දිනයේ පැවති සාකච්ඡා සුහදව පැවති බව ආරංචි මාර්ග පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site