Home Uncategorized හිරුණිකාට දියවන්නාවෙන් හමුවූ නිල් මැණික

හිරුණිකාට දියවන්නාවෙන් හමුවූ නිල් මැණික

445 views
SHARE

ආෂ්ගේ කෝළමින් මෙදා පොටේ දියවන්නාවේ කෙළින හොද පිස්සුවක් ගැන කියන්නයි හදන්නේ.මේක කොරවෙන චොර සීන් එකේ කථාවක්. ඇත්තටම මේ කියන්න යන්නේ කවුරුත් දන්නා හදුණන උදේ හවා පායන හිරු කෙනෙක් ගැන. බැස යන සඳ දෑතින් නවතාලන්නට බැහැ කියලා සිංදුවක් තියෙනවා නේද ?
දැන්නම් ඉතිං…… සඳ බැසයයිද?….. හිරු නැගයයිද…… සඳට හිරුට කෙලවෙයිද කියලනම් ආෂ්ට කියන්න බැහැ ඔන්න….. මෙහෙම සිංදු කියන කොට මතක් වෙනවා සිංදු වලට ගෙඩි ගොඩායි කියලා සිංදු ගොඩාක්…. හ්ම්…. ඔහොම ඉන්නකෝ….. මතක්වුන එකේ තව එකක් කියන්න…. සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ…. කියලා එකකුත් ඔන්න කිව්වා. පෙම් ලෝකයේ සිත් කලබන කේස් එකක් කියන්න යන හින්දා වෙන්න ඇති මේ සිංදුව මතක් උනේ….
අපොයි මෙහෙම ගියොත් මේක සිංදු කෝළමක් වෙනවා. එක නිසා ඉතිං සිංදුකීම මෙතැනින් ඉවර කරලා සිත් කලබන හිරුගේ දියවන්නා මාණික්‍ය ගැන කියන්නයි මේ සුදානම එහෙනම්

අපි මේ කථා කරන හිරු නිකමට වගේ තාත්තගේ අඩි පාරෙන් කොළොන්නාවෙන් දියවන්නාවට ආපු කෙනෙක් එහෙම නෙමෙයි. මේයා මාර ගේම් එකක් දීලා අභියෝග කරලා පායපු චණ්ඩ හිරු කෙනෙක්….. අනේ අම්මෝ පහු ගිය කාළේ මේ හිරු ගැන කියවුණ එක එක කථා නම් කියලා වැඩක් නැහැ…..අගර දගර බබර ගොඩේ හිරු හොද සංකේතයක් උනා තමයි ඒ කාලේ…. අගර දගර දාපු හිරුගේ අත ගන්න බබරු ගොඩාක් පොර කෑවා… ඒ අතර මාර කට්ටක් කාලා හිරුට ට්‍රයි එකක් දුන්න රජිකිය පොරවලුත් හිටියා.
කොහොම හරි ඇල්ම බැල්ම දාගෙන හිටපු අය අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දියවන්නාවේ ඉන්න ඇමති කෙනෙක්ගේ පළාත් සභාවේ ඉන්න නාබර පුතෙක් වන රන්දිම ගමගේත් හිටියා කියලා කවුරුත් දන්නවා. ඇමති පුතාලා ගැන එහෙම කියවෙන කොට නාමල් බේබීත් මේ සීන් එකේ රජිකිය බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා දන්නෝ දනිති….. කොහෙන් කොහොමින් හරි හැමෝගේම බලාපොරොත්තු සුන්කරලා හිරුගේ ලෝකෙට හිරු පෑයුවේ හිරු ටීවී එකේ හිටපු පෙණුමෙන් යස කඩවසම් ඉලන්දාරියෙක් හිරුගේ අත ගැනීමේ සීන් එකත් එක්ක තමයි.

ඒ සීන් කෝන් එකත් පත්තු උනේ හිරුත් එක්ක එකතු වෙලා කෙළපු පෙම් ජායා රූප ඒ කාලේ රටවටා ඒහේ මෙහෙ පළවුණාම ඊට පස්සේ එක නොකරම ඉන්න බැරිවෙච්ච නිසාලු. ඉතින් විවහයේදීත් මේ ජායා රූප සීන් කොන් එක ගැන කවුරු කවුරුත් තැන් තැන් වල කථා වුණා මට මතකයි.
ඒ නිසා තමයි එක පාරටම එළිවෙන ජාමේම උණු උණුවේ සිද්ධ වුනු හිරුගේ මගුල් සීන් එක පත්තු උනේ…. එකෙන් පස්සේ මේ දෙන්නා හා හා පුරා කියලා ගියේ පන්සලකට. ඒ පන්සලේදී දෙන්නා එකතු වෙලා බලපු චිත්‍ර අතරේ වැඩි හරියක් තිබ්බේ අපායලු… ගොඩක් අය එදා කථා වුණා මේ දෙන්නාත් මේ පෙන්වන්නේ මිහිපිට අපායක්ද කියලා.

අපාය ගැන කාටත් වැඩියෙන් කියන්න අවශ්‍ය නැහැනේ ? කවුරුත් දන්නවා වැරදි කළාම මොකද වෙන්නේ කියලා… මේ කේස් එකනම් අපායේ යන කේස් එකක්ද කියලා නම් මං දන්නේ නැහැ අයියෝ, හිරුට හිරු පැයුවට පස්සේ පායපු හිරු පැත්තකින් තියලා මේන්න බොලේ බෙග් මාස්ටර් කිව්ව සිංදුවකුත් මුමුණ මුමුණ මෙන්න මෙහෙම හිරු යනවා. “මැණිකක් රකිනා නා රජිදෙකුසේ මම ඔබ නිරතුරු රකිමි” කියාගෙන මැණිකක් හොයාගෙන.
ලංකාවේ කවුරු කවුරුත් දන්නවනේ මැණික් තියෙන්නේ කොහෙද කියලා? හරි කියහන් බලන්න ඔය සුපිරි මොලෙන් අංශුවක් යොදවලා මැණික් තියෙන්නේ කොහෙද ? හික්ස්… හික්ස්….. “රත්නපුරේ “අති දක්ෂයි….. එත් මේක දියවන්නාවෙන් මතුවුනේ බොලන්…. හික්ස් හික්ස්…

හිරුගේ ලෝකෙට පායපු හිරුට වඩා එක පාරම මේ ඉල්ලම මතු උනේ දියවන්නාවේ ඇතුලෙන්මයි. පොඩියට පෑදුනු ඉල්ලම ලොකු කරගෙන මැණික එක්ක කොටු පනින්න ගත්තේ මෑතකදී. හිරුගේ මේ අලුත් මැණික් මාරුව තමයි හේෂා විතානගේ, රත්නපුරෙන් ආව උතරීතර දියවන්නාවේ සගයෙක්. කොහොමින් කොහොම හරි හිරු මුදුන් වෙන යාමෙක හිරුගේ කොටු සීන් එක දැන් අෂ්ට මාට්ටු වෙලා ඉවරයි. ඔය මැණික් මාට්ටුව දැන් නවතින්න හදන්නේ උසාවියෙන් කියලා තමයි ආෂ්ට දැන ගන්න ලැබුනේ. පායපු හිරු මේකත් එක්ක බැස යයිද කියලත් හිතෙනවා .

මේවා කියන කොට මතක් වෙනවා තවත් කථාවක්. දැන් ඔය හිරු ජන්දේ කාලේ අනික් පැත්තට මාරු වෙනකොටත් අපූරු වැඩක් වුණා. ඒ තමයි ඒ කාලෙදි හිරු ඩිජිටල් කරනයටත් ලක්වීම අයියෝ ඩිජිටල් කියන්නේ කාටද කියලා අමුතුවෙන් මේකේ ලියන්න ඕන නැහැ නේ.

ඒ වගේම මේ අදාළ චරිතේ සීතල රටක ඉන්න කාලේ සීතල මකා ගන්නත් ගොඩක් වැඩ කරලා තියෙනවා කියලා අපිට ආරංචියි. “හත් වලාමේ වෙච්ච දේට මක් කරන්නද” කියලා ඕන්න ඔහොමලු එකෙත් රගේ.

අපේ අම්මා ටිවි බලන, පත්තරයක් බලන වාරයක් පාසා කියන්නේ “නහින්න තියෙන කාලෙට මොන විලම්භිතද” මේ අහන්න දකින්න වෙන්නේ කියලා. අම්මාගේ ඒ කතාවට හුරේ පාරකුත් දැම්ම ඔන්න. එහෙනම් මෙදා පොටේ දියවන්නාවෙන් මතු වුනු හිරු නිල් මාණික්‍යයේ කතාවෙන් සමුගන්නම් අපහු එන්නම් හොදේ තවත් දියවන්නාවේ කතා අරගෙන ලගදීම.

මම දියවන්නාවට උඩින් ඉන්න ආෂ්