Home News International වැඩිම පිරිසක් නැරඹු “සිය රූපවාහිනී නාලිකාව වසා දමන බව නිවේදනය කල සංවේදී...

වැඩිම පිරිසක් නැරඹු “සිය රූපවාහිනී නාලිකාව වසා දමන බව නිවේදනය කල සංවේදී වීඩියෝව”

367 views
SHARE

ඊශ්‍රායලයේ ජනාධිපති බෙන්ජමින් නෙතනියාහුගේ තීන්දුවක් මත එරට “චැනල් වන්” රූපවාහිනී නාලිකාව හදිසියේම වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන අර්බුදයක් මත පාර්ලිමේන්තුවේදී ගනු ලැබූ මෙම විශේෂ තීරණය ඒ වනවිට රූපවාහිනී නාලිකාවේ සජීවී පුවත් විකාශයේ යෙදී සිටි නිවේදිකාව විසින් ප්‍රචාරය කළ යුතු වුණා.

සිය රූපවාහිනී නාලිකාව වසා දැමීමට තීරණය කර ඇති බව ඇය දැනගන්නේ එම පුවත කියවාගෙන යන විටයි.

නමුත් යෙදී සිටින වෘත්තිය අනුව ඇය එය කියැවිය යුතුම ප්‍රවෘත්තියක් වුණා.

ඇය එය නිවේදනය කළේ මෙසේය.

“දැන් අපි බ්‍රේකින් නිව්ස් එකක් කියන්න සූදානම්. මේක පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශයක්. ඇත්තටම…. අද රාත්‍රියේ විකාශය වන මේ වැඩසටහන තමයි අපේ අවසාන වැඩසටහන වෙන්නෙ.”

ඒ සමගම ඇගේ හඬ වෙව්ළා යන නමුත් ඇය දිගටම පුවත ලියාදුන් කොළය දෙස බලාගෙන එය කියවීමට උත්සාහ ගනු ලැබුවා.

“ඒ නිසා මින් ඉදිරියට තිබෙන වැඩසටහන් මොනවාද කියා පැවසීම අනවශ්‍යයි… මේ අවුරුදු ගණනාව පුරාම මෙහි වැඩ කළ සියලුම දෙනාට ස්තූති කරන්නට මට අවශ්‍යයි. මේ නාලිකාව මට අවුරුදු ගාණක්ම මගේ ගෙදර වගේ වුණා. මට අසීරු කාල තිබුණා. නමුත් මගේ හොඳම කාලය තිබුණේත් මෙහිමයි… බොහෝ දෙනෙකුට රැකියා නැතිවෙන්න නියමිතයි… ඔවුන්ට අලුත් රැකියා සොයාගන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා.”

පසුව මෙම සිද්ධිය සහ නිවේදිකාවගේ ප්‍රතිචාර ඇතුළත් තත්පර 55 ක වීඩියෝවක් අදාළ නාලිකාව විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවට එක් කරනු ලැබුවා.

විනාඩි කිහිපයක් ඇතුළත එය ලක්ෂ සංඛ්‍යාත දෙනෙක් විසින් නැරඹූ වීඩියෝවක් බවට පත්වී තිබෙනවා.

යූ ටියුබ්හිද එම වීඩියෝවට ලැබුණේ එබඳුම ප්‍රතිචාරයක්.

එම සංවේදී මොහොත පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site