Home News Breaking GSP+ සහනය යළිත් ශ්‍රී ලංකාවට

GSP+ සහනය යළිත් ශ්‍රී ලංකාවට

138 views
SHARE

ජී එස් පී බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙද අමාත්‍යවරුන්ගේ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජී එස් පී ප්ලස් බදු සහනය ලබාගැනීමට සම්පූර්ණ කළයුතු කඩඉම් තුනෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහනය කර තිබෙනවා.

මෙය යහපාලන රජය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි මැතිඇමතිවරුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබා දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව පසුගියදා වැඩි ඡන්ද 317කින් පරාජයට පත්වුණා.

ජීඑස්පී සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය මේ වන විට තීරණය කර තිබෙනවා.

ඉදිරි සතියේදී ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට අදාළ නිල කාර්යයන් ඉටුකිරීමට මේ අනුව හැකියාව ලැබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කැප වීමෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට වත්මන් රජයට හැකි වුණා. 2005 වසරේදීයි ජී එස් පී ප්ලස් සහනය පළමුවරට ශ්‍රි ලංකාවට ලැබුණේ. එහෙත් 2010 වසරේදී එය ශ්‍රී ලංකාවට අහිමි වූණා.

වත්මන් රජය අවස්ථා ගණනාවකදීම මෙම සහනය ලබා ගැනීම සදහා යුරෝපා සංගමය සමග සාකච්ඡාවක නිරතවූ අතර එය ඵලදැරුවා.

ජී එස් පී ප්ලස් සහනය යළි හිමිවීමත් සමග රටට වාසි රැසක් අත්වන බවයි අපවෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක , විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන අය සඳහන් කරන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site