Home News Breaking හලාවතින් ඇල්ලූ මත්කුඩු තොගයේ හිමිකරු ගැන හෝඩුවාවක් හෙළිවේ

හලාවතින් ඇල්ලූ මත්කුඩු තොගයේ හිමිකරු ගැන හෝඩුවාවක් හෙළිවේ

130 views
SHARE

හලාවත ප්‍රදේශයේදී ඊයේ (11 දා) අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හිමිකරු සහ එම ජාවාරම දිගු කලක සිට මෙහෙයවන පුද්ගලයා ඩුබායිහි සිටින බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම දිගු කලක්‌ තිස්‌සේ මුහුදු මාර්ගය ඔස්‌සේ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ පැවැසීය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙම මත්කුඩු පුත්තලමේ සිට කොළඹට වාහන මඟින් ප්‍රවාහනය කරනු ලබන තැනැත්තා බව මෙතෙක්‌ කරන ලද පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.

මොහු පොලිසිය මඟින් ඊයේ අත්අඩංගුවට ගත් මොහොතේදී පොලිස්‌ නිලධාරීන්ට පවසා ඇත්තේ තමා දරුවන් සිවු දෙනකුගේ පියෙකු වන අතර, මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා තමාට ලක්‌ෂ පනහක මුදලක්‌ ලැබෙන බවයි.

මොහුගේ ජංගම දුරකථනයේ සඳහන් අංක අනුව අත්අඩංගුවට ගැනීමට විනාඩි දහයකට පෙරද මොහුට ඇමතුම් ලැබී ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site