Home News Breaking ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක යැවූ බව හෙළිවෙයි

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක යැවූ බව හෙළිවෙයි

314 views
SHARE

ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි “ද ටයිම්ස් ඔෆ් ලන්ඩන්” පුවත්සේවය වාර්තා කරනවා.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් ලිබියාවට යවා තිබූ එම වේදනා නාශක පෙති තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් බවද සඳහන්.

මෙම වේදනා නාශක පෙති තොගය සීත කබා සහ හිස ගල්වන ෂැම්පු වර්ගයක් ලෙසින් ව්‍යජ ලෙසින් සඳහන් කර ඉතාලියේ ජෙනෝවා වරායේ බහාලුම් තුනක සඟවා තිබියදී ඉතාලි පොලිසීය විසින් සොයා ගෙන තිබෙනවා.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා සහ ලිබියාවේ ටොබෘක් සහ මිසරාටා ප්‍රදේශයේ සිටින අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පෙති ගෙන්වා ඇතැයිද පොලීසිය හෙළිදරව් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සමාගම විසින් මෙම තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවකු විසින් මෙම පෙති තොගය ඇණවුම් කර ඇති බවත් අනාවරණයවී තිබෙනවා.

ඉන්පසුව ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්වා ඇති බවත් ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර ඇති බවත් හෙළි වී ඇතිබව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site