Home Diyawanna Susthara දියවන්නාවෙන් ඇසෙන විජේ වර්සස් විජේ ෆයිට්

දියවන්නාවෙන් ඇසෙන විජේ වර්සස් විජේ ෆයිට්

397 views
SHARE

පහු ගිය දවස් වල දියවන්නාව ඇරියේ හාෆ් ඩේ එකකට වගේ. ඒකත් ඉතිං ඇරියේ නිකං දේකට නෙමෙයි බජට් එකේ වැඩ වලට. ආශ් වගේම කවුරුත් බලාගෙන ඉන්නේ බජට් එකෙන් අපේ ජිවිත වලට මොනවා හෝ සහනයක් ලැබෙයි කියලා.
අද ඊයේ ඉදං නෙමෙයි එදා ඉදන්ම බජට් එක ලන්වෙනකොට ඒ ගැන කථා බහ කරනවා. මේ සරේනන් කවුරුත් බලන් හිටියේ කොහෙන් හරි මොනා රෙද්දක් හරි අඩුවෙයි කියලා නේ, ඒ වුණාට ඒක හැමදාම අපිට ෆැන්ටසියක් ඇතුලේ ඉදගෙන දකින සින්තටික් හීනයක් වගේ.

මොකද කවදාවත් කිසිම රෙද්දක් අඩු වුනේ නැහැ. දියවන්නාවේ කොරිඩෝව ලග ඒ හීනෙ පාවී පාවී ඉන්නකොට ඔන්න මගේ සිහිනය බොද කරමින් අදුරන පිරිමි රුවක් දත් තිස් දෙකම එළියේ දාගෙන මගේ ඉස්සරහා නවතිනකල්ම දැක්කේ නැහැ හැබෑටම. අප්පට බොල මේ විජේදාස ගොයියානෙ.මමත් ඉතිං ඒ බැල්මටම නිකන් හීනියට හිනා වුණා.

මේ දවස් වල පොඩ්ඩක් ආයමත් විජේ අයියගේ ග්‍රහචාරය මාරු වෙලා. එකත් එක්ක ඉතිං නියම ඕපයක් මතක් වුණා. බුදු අම්මේ මේ දවස් වල විජේදාසට ගහන මඩ නේද …. අපේ මහාචාරවරයා සරත් විජේසුරියයි, විජේදාසයි මරු කථා ටිකක් මේ ටිකේ පාස් කර ගන්නවනේ. හරියට මේක විජේ වර්සස් විජේ ෆයිට් එකක් වගේ. කොහොමත් විජේගෙන් සරත්ල ගේම ඉල්ලන එකනේ කරන්නේ. මතකනේ පහුගියකාලේ තවත් සරත් කෙනෙක් විජේ එකක් හැප්පුනා. ඒ කොහොම වුනත් කොහොමත් මහාචාරයා මේ ටිකේ ඉන්නේ පාලකයන්ට උපදෙස් දෙන සයිස් එකේ පොරක් වෙලා. දැන් විජේසුරියලොක්කා, විජේදාස ඇතුලු ඇමතිවරු හයක් අයින් කරන්න කියලා පහු ගිය කාලේ පොර ටෝකක් දුන්නනේ.

අන්න ඒ සීන් එකට තමයි විජේදාස ලොක්කට විජේසුරියත් එක්ක නහුතෙට නැගලා තියෙන්නේ. ඔන්න ඉතිං ආශ් මේ සිද්දිය ගැන හොයාගෙන හොයාගෙන යනකොට කාගේ කාගේත් පට්ටන්තර දිග ඇරෙන්න පටන් ගත්තා. ඔය සරත් මහාචාර්යවරයා විභාග පාස් කරලා තියෙන්නෙත් හොරටලු. ජේ බී දිසානායක එක්කත් කාලයක් එයා ඇර ගත්තා. සරත් ට ජේ බී එක්ක නඩුව තිබ්බ කාලේ සරත් එන් සිල්වාට හතර වටෙන් ගැහුවා මතකයිනේ ද මෙයා.

එතකොට සරත් එන් සිල්වා , සරත් විජේසුරියව ගෙන්නලා කියලා තියෙනවා “මන් ගැන හොද ලියාපන් මම උබේ නඩුව බේරන්නම් ” කියලා. ඒ කියුවා වගේම දෙන්නා දෙන්නාට උදවු කරගෙන මෙයා අරයාගේ හොද ලියනකොට අරයා මෙයාගේ නඩුව ෂේප් කරල දෙනවා බොහොම දක්ෂ විදියට. නමුත් පහුගියදා පැවති සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමුරුවේදී සරත් විජේ, සරත් එන් ගේ පට්ට පතුරු අරියා අම්බානෙකට. ඒ අස්සේ අපේ ඩිලාන් පෙරේරාත් පොඩි අඩව්වක් ඇල්ලුවා සරත් විජේ එක්ක.

ඕන කෙහෙල් මලකට හොම්බ දාන ඩිලාන් ඇමතිත් සරත් විජේට මේ ටිකේ නෙලාගෙන නෙලාගෙන යනවා. දැන් ඉතිං දියවන්නාවේ සගයෝ ගොඩක් මේ ගැන කථා වෙනවා. ආශ් ටත් හැම වෙලේම ඇහුනේ මේ කථාව. සරත් ගේ භීතිකාවෙන් ඉන්න දියවන්නාවේ සගයන්ට තුන් සුත්‍රය දේශනා කරවන්න කියලා මහ පුටුවෙන් නියෝගයක් අවිල්ලු. ඔය ඕඩර් එකෙන් කියවිල්ලා තියෙන්නේ සරත් විජේ ගේ සැර අඩු කරලා දාන්න කියලාලු .

අපිනම් කැමතියි මේක හොද විවාදයකට යනවට. ආශ් ඕක විජේදාස ගොයියගෙන් අහන්න අමතක කලේ නැහැ ඔන්න එකට විජේ කියාපි මෙන්න මෙහෙම අනේ ආශ් ” මම කියුවට මහාචාරයා එන්නේ නැහැ නේ ” කියලා. විජේ ලස්සනට මේකට උත්තරදෙද්දී කියන්නේ සරත් විජේ සිවිල් නම් අපි අන්සිවිලයිස්ද කියලා. ඔකේත් පට්ටෙට තේරුමක් තියෙනවා. බලමු නේද අපි….

දේශපාලකයෝ වගේම සිවිල් සංවිධානත් රටට වැදගත් එත් හැම රෙද්දටම අත දාන එකනම් අනවශ්‍ය වැඩක් නේද? ඒ නිසා තමන්ගේ තරමට වැඩ කරන්න කවුරු කවුරුත් දැන ගත්තොත් හොදයි නේද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් හොදයි කවුරු කවුරුත්…

එහෙනම් සමුගන්නම් අපහු එන්නම් හොදේ තවත් දියවන්නාවේ කතාවක් අරගෙන ලගදීම.

මම දියවන්නාවට උඩින් ඉන්න ආෂ්