Home News Breaking අගමැති රනිල් චීනයට

අගමැති රනිල් චීනයට

124 views
SHARE

නිල සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ අද උදැසන චීනය බලා පිටත්ව ගියා.

ඒ, චීනයේ බීජිං නුවර පැවැත්වෙන ‘එකම තීරයක් – එකම මාවතක්‘ මහා සමුළුවට සහභාගිවීම සදහායි.

මෙලෙස අග්‍රාමාත්‍යවරයා අලූයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තා කරනවා.

චීන ජනාධිපති ෂි ජින් පිංගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරෙන මෙම සමුළුව සදහා රටවල් 30ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගි වනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site