Home Diyawanna Susthara වරායෙන් හදන ලෝකේ ලොකුම ගෝල්ෆේස් නත්තල් ගහ

වරායෙන් හදන ලෝකේ ලොකුම ගෝල්ෆේස් නත්තල් ගහ

508 views
SHARE

බජට් එක අස්සේ ආශ් අම්බානෙක බිසී වුණා. මොකද වෙන්නේ මොනාද වෙන්නේ කියලා බලන්න දියවන්නාවට රින්ගන්නම එපැයි. මේ පාරත් බජට් එකෙන් ඒ ලෙසටම ලැබුණා නේද ? ඒ වුණාට මොකද දිගටම ටී පාර්ටි, දියවන්නාවේ සද්ධ, කපටි සූට්, හොර මූණු, අහිංසක මූණු, සූත්තර මූණු, අතරේ තඩි සයිස් එකේ පොරක් මුණට හම්බවුනා. අයියා සයිස් එකෙන් ඉන්න මේ ගම්පහ පැත්තේ ඉන්න ඩයල් එක වෙන කවුරුත් නෙමෙයි අර්ජුන රණතුංග ඇමතිතුමා.

අර්ජුන දැක්ක ගමන් මට මතක් වුණේ තඩිම තඩි නත්තල් ගහක්. අද ආශ් ගේ කෝලමෙන් කථා කරන්නේ මේ අර්ජුනයි නත්තල් ගහෙයි හුට පටේ ගැන.

මෙයා ලෝකේ ලොකුම නත්තල් ගහ හදනවයි කියන්නේ. එක ඉතිං ගෝල් ෆේස් එක ලගින් යනකොට හොදට පේනවා. මෙයා අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න දක්ෂයනේ. ක්‍රිකට් බෝඩ් එකට අමාත්‍යන්සෙට එහෙම ඇගිලි ගහන්න මෙයාට ලොකු අමාරුවක් තියෙනවා.

මේ නත්තල් ගහ ගැන දැන ගත්ත ගමන් ආශ්ට මේක හොයන්න පුදුම තදියමක් ආවේ. ඒ නිසා යනින් ගමන් දවස් දෙක තුනක් වරාය සයිඩ් එකට පොඩ්ඩක් හොම්බ දාලා නත්තල් ගහේ සීන් එකට එන්ටර් වුණා .

අර්ජුන යහපාලනය ගැන පට්ට කථා කිරිල්ලක් කථා කරපු මෑන්ස් කෙනෙක්. හැබැයි යහපාලනය කිය කියා කථා කරන අර්ජුනගේ යහපාලනේ නරිවාදන් බේරී බේරී මේ දවස් වල යනවා කියලයි ආරංචි වුණේ .

දන්නවනේ වරාය කියන්නේ පට්ට පොලිටිකල් තැනක්. මේකේ සමිති සමාගම් තියෙනවා වාරයට බාන කන්ටේනර් ගානටත් වැඩිය. පත් වෙන හැම ආණ්ඩුවකටම වරායේ සේවකයෝ මට්ටමෙන් වරායෙන් පඩි අරං දේශපාලන වැඩ වලට එළියට යනවා. හැමදාම තියෙන ඔය සිස්ටම් එක වෙලා පහු ගිය ජනාධිපති වරනයේදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් 580 විතර වැඩ කළා.

ඉතිං දැන් අර්ජුන ඇමති යහපාලනය පොරක්නේ. යහපාලනේ ඇතුලේ ඔය වගේ වැඩ වෙන්න බැරි නිසා අර්ජුන මෙහෙම ජන්දෙට වැඩ කළ අයගෙන් ඒවා අපහු අය කරගෙන තියෙන්නේ පඩියෙන් කපලා. මොනා කරන්නද යහපලානේ කියලා සේවකයන් මේක ඉවසන් ඉදලා. මේක මෙහෙම වුණාට දැන් සීන් එක චෝර විදියට වෙනස් වෙලා .

ගෝල් ෆේස් එකේ නත්තල් ගහක් හදන අපේ අර්ජුන උන්නැහේ ඉතිං මේකට ඕටි ගෙවලා එහෙම එකේ වැඩ කරන්න අදින්නේ වරායේ සේවකයෝ. මේකට වරායේ සේවකයෝ ඉන්නේ පට්ට තරහෙන්. ඇත්තනේ යහපාලනේ කියලා කිය කියා කරන්නේ මජර වැඩ. අනික මේ නත්තල් ගහ හදන වැඩේ සංස්කෘතික අමාත්‍යන්සෙ හරි ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යන්සෙ හරි වැඩක්.

ඒ විතරක් නෙමෙයි ලොකේට නම දාගන්න දගලන අර්ජුන නත්තල් ගහ හදන ගමන් පවුල් ගහත් හදන්නවයි කියන්නේ…..
අයියා සභාපති සහකාර ගබඩා පාලක අර්ජුනගේ මලයාගේ ලේකම් කෙනෙක්. ගැසට් නොකර මේ තැන් වලට වාරයේ ඇතුලේ ඇති උසස්වීම් පටිපාටි නොබලා මෙන්න මෙහෙම දේශපාලන පත්වීම් දීලා .

ඒ වගේ කම්කරු පත්වීම් 230 කුත් දීලලු. මේ අය කෑ ගැහුවේ නම් කොහොමද නේද ? අනේ අම්මපා මෙහෙම බොරු අපේ ගමේ මැගිලින් අක්කවත් කියන්නේ නෑ. ඕකට කියන්නේ කාලා වරෙන්කො වැල බෝංචි කියලා. නත්තල් ගහ හැදුනට ආශ්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇතුලේ සේවකයන්හොට බෙදන හෝද්ද එකම හැන්දෙන් බෙදෙන්න ඕන. එකයි යහපලානේ අරමුණ.

එහෙනන් අපහු එන්නම් හොදේ තවත් දියවන්නාවේ කතාවක් අරගෙන…..

මම දියවන්නාවට උඩින් ඉන්න ආෂ්