Home News Breaking රජයේ ඇමතිවරයෙකුගේ ඉන්ධන වංචාවක් හෙළිවේ ඇල්ලු නිලධාරියගේ පුටුවත් නෑ

රජයේ ඇමතිවරයෙකුගේ ඉන්ධන වංචාවක් හෙළිවේ ඇල්ලු නිලධාරියගේ පුටුවත් නෑ

494 views
SHARE

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සිදුකරන පරීක්ෂණයකදී වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදුකළ ඉන්ධන අවභාවිත කිරීමක් හෙළි කර ගැනීම නිසා එම කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඉවත් කර දැමීමට එම අමාත්‍යවරයා උත්සාහ කරමින් සිටින බව වාර්තාවනවා.

පසුගිය ආණ්ඩු සමයේදී පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් එම අමාත්‍යංශයට අයත් ආයතනයකින් නීති විරෝධී ආකාරයට රුපියල් ලක්ෂ 45කට අධික ඉන්ධන ලබාගැනීමක් සම්බන්ධයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එහිදී මීට පෙර සිටි අමාත්‍යවරයාගේ සහ වර්තමාන අමාත්‍යවරයාගේ ඉන්ධන භාවිතය පිළිබඳවද පරීක්ෂාවක් සිදුකර තිබෙන අතර මෙම පරීක්ෂා කිරීමේදී පසුගිය වසරේ ජනවාරි 13 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 26 වැනිදා දක්වා කාලය තුළදී සිදු වූ බව කියන රුපියල් 1,059,750 ක වංචාවක තොරතුරු හෙළි කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙම නිලධාරියා විසින් මේ වනවිට හෙළිකරගෙන ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු විසින් ඔහුට අයත් වාහනවලට ඉන්ධන භාවිත කිරීම මගින් මෙම වංචාව සිදුකර ඇති බවයි.

අමාත්‍යංශයක ප්‍රධාන ගණකාධිකාරී නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම නිලධාරියා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති මෙම නිලධාරියාව අදාළ තනතුරෙන් ඉවත් කර ඔහු සේවා ස්ථානයෙන්ද මාරුකර යවා මෙම වංචාව යටගැසීම සඳහා රටේ ඉහළ දේශපාලඥයෙකුගේ සහයෝගය ලබාගෙන මෙම සැලසුම දියත් කර ඇති බව වර්තාවනවා.

නියෝජ්ය අධ්‍යක්ෂවරයා සේවාස්ථානයෙන් මාරුකර යැවීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතු වුවද, එම අවසරය ලබා නොගෙන මෙලෙස ස්ථාන මාරුවීම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site