Home News Breaking දළදා සමිදුන් වැන්ද මෝදිට සිංහල මතක් වෙයි

දළදා සමිදුන් වැන්ද මෝදිට සිංහල මතක් වෙයි

387 views
SHARE

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගත්තා.

එම අවස්ථාවේ මහනුවර ප්‍රදේශයට තරමක වැසි තත්වයක් පැවති අතර කිසිවෙකුගේ උදවුවකින් තොරව දෙරටේ නායකයන් සියතින්ම කුඩ ඔසවාගෙන මාලිගා පරිශ්‍රය දක්වා පයින් ගමන්කල අතර එය විශේෂ සිදුවීමක් විය.

දියවඩන නිළමේ නිලංග දෑල විසින් දළදා මාළිගාව වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු සම්භාවනීය පිරිස පිළිගනු ලැබූ අතර දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දළදා මාළිගා පරිශ්‍රයේ දී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක්කේය.

අනතුරුව දළදා මාළිගාවේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබී ඉන්දීය අගමැතිවරයා ඉන්දීය රජයේ පරිත්‍යාගයෙන් ඉදිකෙරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ උඩරට නර්තන පීඨයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඒ මොහොත පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ටුවිටර් ගිණුමේ තැබූ සිංහල සටහන සහ ඡායාරූප පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site