Home News Breaking කැබිනට් සංශෝධනයට සූදානම්

කැබිනට් සංශෝධනයට සූදානම්

278 views
SHARE

කැබිනට් සංශෝධනය නුදුරු සතියේදී සිදු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

පසු ගිය දා කැබිනට් සංශෝධනය සම්බන්දයෙන් කථා බහක් ඇති වුවත් ඊට ජනාධිපති සහ අගමැති වරයා අතර ඇතිවූ පරස්පර විරෝධතා නිසා එය කථා බහට පමණක සිමා වේවි යැයි බොහෝ දෙන අදහස් පල කර තිබුනා. මේ පිලිබදව අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනේ ඔහු කැබිනට් සංශෝධනයකට අකමැති බවයි .

නමුත් ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයකට යා යුතු බවට තරයේ පවසා තිබිණි. දෙදෙනා ගේ මේ පරස්පර විරෝධී අදහස් නිසා කැබිනට් සංශෝධනය පසු ගිය කාලයේදී තරමක් කථා බහට ලක් විය . පසු ගිය සතියේදී ද නැවතත් කැබිනට් මණ්ඩලයේ දී මේ පිලිබදව කතා බහට ලක් වු නමුත් තීරණයක් ගෙන නොතිබිණි.

ප්‍රබල මන්ත්‍රී වරයෙක් C NEWS සමග පැවසුවේ නුදුරු සතියේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව ඒකමතිකව නව කැබිනට් සශෝදනයකට යන බවයි . ඒ අනුව දැනට සිටින අමාත්‍යවරුන් ගේ අමාත්‍යංශ සංශෝධනයක් සිදු වන බව පැවසෙනවා.

C NEWS අශ් වරු

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site