Home News Breaking ලංකා මුහුදේ සබ්මැරීනයක් නැවතීමට චීනය කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කල හේතුව මෙන්න

ලංකා මුහුදේ සබ්මැරීනයක් නැවතීමට චීනය කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කල හේතුව මෙන්න

208 views
SHARE

චීනයට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නවතා තැබීමට චීනය විසින් ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

රොයිටර් පුවත්සේවය පෙන්වා දෙන්නේ චීනය විසින් සිදු කර ඇති අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත්තේ ලංකාව හා ඉන්දියාව අතර පවත්නා සම්බන්ධතාවය හේතුවන්නට ඇති බවයි.

එනම් චීනය හා ලංකාව යන දෙරටේ මිත්‍රත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ යහපත් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මෙය ප්‍රතික්ෂේප කරන්නට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට පෙර චීන රජයට අයත් සබ්මැරීනයක් කොළඹ වරා‍යේ අවසන්වරට නවතා ඇත්තේ 2014 ඔක්තෝම්බර් මසයේ බව සදහන්.

ඒ සඳහාද එවකට ඉන්දියාව දැඩි විරෝධයක් පළ කර ඇති බවත්, ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව ඉන්දීය අගමැතිගේ මෙරට සංචාරය හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්වා සම්බන්ධතාවය පළුඳුවීම වළක්වා ගනිමින් මෙම අවස්ථාව ලබා නොදී ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වයට ඉන්දියානු රජයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී හෝ ශ්‍රී ලංකා රජය විසින් චීන සබ්මැරීනයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තැබීමට අවස්ථාවක් ලබාදීම අවිනිශ්චිත බව ඔවුන් පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site