Home C Gossip ලොව දුප්පත්ම ජනපති ගැන ඔබ නොදන්නා දේ මෙන්න PHOTOS

ලොව දුප්පත්ම ජනපති ගැන ඔබ නොදන්නා දේ මෙන්න PHOTOS

1,003 views
SHARE

ජනාධිපතිවරයෙක් කිවුවම එක සැරේටම අපිට මැවෙන්නෙ ලොකු මන්දිර වගේ ගෙවල්, යාන වාහන, මහා පිරිවර තියන්, අතට පයට සේවකයෝ පිරිවරාගෙන රටක සැප උපරිමයෙන් විදින පුත්ගලයෙක්.

ඒත් අපිට පුංචි ගෙයක්, තණකොළ වැවුනු මිදුලක්, පරණ කාර් කට්ටක් වගේ දේවල් මතක් වෙන්නෙ මොකක්ද? ගමක ඉන්න දුප්පත් මනුස්සයෙක්ගෙ ගෙදරක්, එහෙමත් නැත්තම් පිටිසර ගමක තියෙන ගොවිපලක් නේද?

ඒක එහෙමම තමයි පිටිසර ගමක තියෙන පුංචි ගෙදරක ඉන්න සරල ජනපති, ඒ ලෝකයේ දුප්පත්ම ජනාධිපතිගෙ ගෙදර.

මේ වෙන කවුරුත් නෙවෙයි උරුගුවේ රට පාලනය කරන ඒ රටේ ජනාධිපති.

බලන්නකෝ එයාගේ කතාව

හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් පවත්වාගෙන ගිය හොසේගේ පියා මියයන විට හොසේගේ වයස යාන්තන් අවුරුදු පහයි.

හොසේගෙ තරුණ කාලය නම් ඒ තරම් සුන්දර නැහැ. මොකද ඔහු ගරිල්ලා සංවිධානයකට ඇතුල් වෙලා, ඔහුව අත් අඩංගුවට ගන්න ආපු පොලිස් නිළධාරීන් එක්ක දැඩි සටනක නිරත වෙද්දි වෙඩි උණ්ඩ හයක්ම හොසේගෙ ඇඟට ඇතුල් වෙලා තියෙනවා.

හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. ඒ කොහොම උන්වත් ජීවිතය බේරාගත්තු හොසේ පසුව නිදහස ලැබුවා.

බොහොම නිදහසේ ජනතාවත් එක්කම කාලය ගත කරන්න කැමති හොසේ ජනතාවගේ ආදරය දිනා ගන්න ගොඩක් සමත් වෙලා තියෙනවා. වැදගත්ම දේ තමයි හොසේ තමන්ගෙ මාසික වැටුපෙන් 90% ක්ම වෙන් කරන්නෙ ජනතාව වෙනුවෙන්. ඒ කියන්නෙ තමන්ගෙ ප්‍රයෝජනයට තියෙන්නෙ 10% ක් විතරයි.

ඒ වගේම ජනාධිපතිවරයෙක් කියපු බොහොම වටින කතාවක් තියෙනවා ඒ තමයි,

“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.

හිතන්න ඒ කියමනේ වටිනාකම අපි කාටත් කරන්න බැරි හොසේ කරන මේ දේ ගැන හැමෝම මේ විදියට හිතනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද..?

බලන්නකෝ මේ පින්තූර දිහා….

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site