Home News Breaking අගමැති අද ‘‘එකම තීරයක් එකම මාවතක් ’’ සමුළුවට

අගමැති අද ‘‘එකම තීරයක් එකම මාවතක් ’’ සමුළුවට

125 views
SHARE

ඊයේ (13) පස්වරුවේ බීජිංහි කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් චීනයට ළඟාවූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකීක දූත පිරිස බීජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ජෙන් යූ විසින් පිළිගනු ලැබුවා.

එම අවස්ථාවට චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

අග්‍රාමාත්‍යවරයා චීනයේ බීජිං නුවර දී අද (14) පැවැත්වෙන ‘‘එකම තීරයක් එකම මාවතක් ’’ සමුළුවට සහභාගිවීමට නියමිතයි.

රටවල් 28 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත අතර ‘‘එකම තීරයක් එකම මාවතක්’’ සමුළුව පැවැත්වෙන්නේ චීන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනූවයි.

චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පන ගැන්වීම මෙම සමුළුවේ අරමුණක් බවටයි විශ්වාස කෙරෙන්නේ.



cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site