Home News International උතුරු කොරියාව අන්තර්ජාතික විරෝධය නොතකා තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව අන්තර්ජාතික විරෝධය නොතකා තවත් මිසයිලයක් අත්හදා බලයි

197 views
SHARE

අනතර් ජාතික බලපෑම් නොතකමින් උතුරු කොරියාව යළිත් එරට බටහිර මුහුදේ සිට බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

දකුණු කොරියානු හමුදා අංශ පවසන්නේ, පියොන්ගෑන් සිට වයඹ දෙසට වනන්ට පිහිටි කියුසෝන්ග් ප්‍රදේශයේදී මෙම මිසයිලය අත්අහදා බැලූ බවත් මිසයිලය කිලෝමීටර් 700ක් දුරට ගමන් කර ඇති බවයි.

දකුණු කොරියාව උතුරු කොරියාවේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර පසුගිය සතියේ බලයට පත් වූ එරට නව ජනාධිපති මූන් ජේ- ඉන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් කැඳවා ඇතැයි, යොන්හැප් නිව්ස් ඒජන්සිය පවසනවා.

ජපානය ද උතුරු කොරියාවේ මිසයිල අත්අහදා බැලීම හෙළා දකිමින් අදහස් පළ කර ඇති අතර අන්තර් ජාතිකව එල්ල වන කිසිදු බලපෑමක් නොතකමින් උතුරු කොරියාව මෙම වසරේ මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදුකලා.

මේ හේතුවෙන් අමෙරිකාව සමග පැවති මතභේදකාරීත්වය බවත් ඉහළ ගොස් ඇති බවත් පසුගිය මාසයේ උතුරු කොරියාව අත්අහදා බැලූ මිසලය දෙකම අසාර්ථකවී ඇති බවත් ඇමරිකාව පවසනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site