Home News Breaking හිස නොමැති නරක් වූ කාන්තා මළ සිරුරක්

හිස නොමැති නරක් වූ කාන්තා මළ සිරුරක්

176 views
SHARE

පයාගල – ඈතගම ප්‍රදේශයේ තිබී හිස නොමැති නරක් වූ කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පයාගල පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාල මළ සිරුර මීට මාසයකට ආසන්න කාලයකදී මිය ගිය කාන්තාවකගේ බවට සැක කෙරෙන අතර එය වළක් කැපීමේදී හමු වූයේද නැතහොත් කිසිවෙකුත් එහි ගෙනත් දැමුවේද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මළ සිරුර හමුවූ ස්ථානය අසල අළුතින් කපන ලද වළක් ද ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අදාල කාන්තාව මිය ගොස් එම ස්ථානයේ වල දැමූ අයෙක් බවට සැක කෙරෙනවා.

එසේම අදාළ කාන්තාව වළ දැමූ බවට සැක කරන පෙට්ටියේ තිබූ රෙදි ආවරණයද සොයාගෙන ඇති අතර එය දිරාපත්ව නොතිබූ බවද වාර්තා වනවා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site