Home C Gossip “පාසල් ගුරු බිරිඳගේ ලිංගික රසයට” ඇබ්බැහි වූ ප්‍රංශ නව ජනපති PHOTOS

“පාසල් ගුරු බිරිඳගේ ලිංගික රසයට” ඇබ්බැහි වූ ප්‍රංශ නව ජනපති PHOTOS

1,145 views
SHARE

පසුගිය දින කිහිපය තුළ ලෝකයේ වැඩිපුරම අවධානයට ලක් වූ මිනිසා වූයේ නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක‍්‍රන්. ඒ පසුගිය දා පැවැත්වූ ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කොට එහි ජනපතිවරයා ලෙස තේරී පත් වූ නිසාම නොවේ.

දැනට හතලිස් වැනි වියෙහි පසු වන ඔහු නැපෝලියන් අධිරාජ්‍යයා හැරුණු විට එරට මෙතෙක් පත් වූ ළාබාලතම පාලකයා නිසා ද නොවේ. එම්මානුවෙල් මැක‍්‍රන් පිළිබඳ ලොව වඩාත්ම කුතුහලයට පත් කළ කරුණ වූයේ ඔහුට වඩා වසර විසිතුනකින් වැඩිමහලු සිය පාසල් ගුරුවරියක් වන බි‍්‍රජිට් ට්‍රොග්නොක්ස් හා විවාහ වීමයි.

මැක‍්‍රන් සිය බිරිඳවන බි‍්‍රජිට් සමග ආදර හැඟීමෙන් මුණ ගැසී ඇත්තේ ඔහු 15 වැනි වියෙහි පසුවන විටයි. ඒ වන විට විවාහ ව සිටි ඇයට දරුවෝ තිදෙනෙක් සිටියා. මැක‍්‍රන්ගේ ජීවිතය අළලා ඈන් ෆෝල්ඩා විසින් රචිත Emmanuel Macron: A Perfect Young Manනම් කෘතියෙහි සඳහන් වන අන්දමට අඩුම ගණනේ තම පුතුට අවුරුදු 18 සම්පූර්ණ වන තුරු වත් ඔහුගෙන් ඈත්ව සිටින්නැයි බි‍්‍රජිට් හට ඔහුගේ දෙමාපියන් අවවාද කළ බැව් සඳහන්.

“මේ සම්බන්ධය නවත්වනවා කියා මට කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ.”

මැක‍්‍රන්ගේ දෙමාපියන්ට බි‍්‍රිජිට් මෘදු තර්ජනාත්මක ආකාරයකින් එසේ පවසා තිබෙනවා.

බි‍්‍රජිට්ගේ පළමු විවාහයෙන් ලද වැඩිමහල් දරුවා ඉපිද ඇත්තේ 1975 වසරේ දී. එනම් එම දරුවා ඇගේ වර්තමාන සැමියාට වඩා වයසින් අවුරුදු දෙකක් වැඩිමල්. ඇගේ දෙවැනි දියණිය වර්තමාන සැමියා හා සම වයසේ පසු වනවා.

මේ නිසා මැක‍්‍රන්ගේ දෙමාපියන් මුලින්ම සැක කොට ඇත්තේ මැක‍්‍රන් හා බිජිට්ගේ දියණිය අතර ආදර සම්බන්ධතාවක් පවතින බැවින් ඔහු ඒ නිවසට නිතර යන එන බවයි. නමුත් තම පුතුගේ සැබෑ සබඳතාව එම යුවතියකගේ මව සමඟ බව දැනගත් දෙමාපියෝ මහත් විස්මයටත් කම්පාවටත් පත් වී තිබෙනවා.

ඇග‍්‍රියානෝ සෙගටෝරි සහ රාමා යාඬේ යන ප‍්‍රංශ මනෝ වෛද්‍යවරුන් දෙපළ මැක‍්‍රන්ගේ මේ ක‍්‍රියාව දෙස බලන්නේ වෙනත් කෝණයකිනි. ඔවුන් පවසන්නේ මැක‍්‍රන් කුඩා කල මෙම පාසල් ගුරුවරිය ඔහුව දිගින් දිගටම ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බවයි. මෙය ආදරයේ එක්තරා ආකාරයක සුඛාන්තයක් ලෙස ලෝකයේ මාධ්‍ය කෙතරම් උලුප්පා දක්වන්නට උත්සාහ කළ ද මේ තැනැත්තිය මැක‍්‍රන් කුඩා කාලයේ දී ඔහුගෙන් ලිංගික සතුට විඳ ඇති බවත්, ඇය ඔහු විවාහ කරගත්තේ මේ “රසයට” ඇබ්බැහි වීම නිසා බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ අතර මැක‍්‍රන් සමලිංගික සබඳතා පවත්වනකු බවට ආරංචිද අන්තර්ජාලය පුරා පැතිර තිබෙනවා. ඒ කෙසේ නමුත් මේ පිළිබඳ බීබීසී ප‍්‍රවෘත්ති අංශය විමසූ අවස්ථාවේ දී මැක‍්‍රන් මහ හඩින් සිනාසී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු පවසා ඇත්තේ සිය “පාසල් ගුරු බිරිඳ” තම ජීවිතයේ සකලවිධ ඕනෑ එපාකම් ඉටුකරන බැවින් තමන්ට අන් පිරිමියකු තබා ගැහනියකවත් අවශ්‍ය නොවන බවයි.

ඔහු සමලිංගිකයකු බවට ආරංචි පැතිර යන්නට වඩාත් හේතුවන්නට ඇත්තේ “ගාර්කොන්” නම් සමලිංගික සඟරාවේ මුල් කවරයේ උඩු කය නිරුවත්ව පෙනී සිටීම නිසා යැයි පැවෙසෙනවා.

කෙසේ නමුත් තමා එවැනි ඡායාරූපයක් සඳහා පෙනී නොසිටි බව මැක‍්‍රන් පවසා තිබෙනවා. පසුව ඔහු පැවසූ දෙය සැබෑවක් බව තහවුරු වූයේ මෙය ෆොටෝෂොප් මෘදුකාංගය ඔස්සේ මැක‍්‍රන්ගේ මුහුණ වෙනත් පුද්ගලයකුගේ සිරුරට බද්ධ කොට තැනූ ඡායාරූපයක් බව එම සඟරාවේ කතුවරයකු පිළිගැනීමත් සමඟයි.

කෙසේ නමුත් ඔහු සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන්ද ප්‍රසිද්ධියේම සහයෝගය පළකරන්නෙකු වශයෙන් ප‍්‍රකටයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site