Home News Breaking අතුරුදන්වූ “රන් අශ්වයන්” දෙදෙනා පොළොන්නරුවෙන් මතුවෙයි

අතුරුදන්වූ “රන් අශ්වයන්” දෙදෙනා පොළොන්නරුවෙන් මතුවෙයි

725 views
SHARE

වෙසක් දින රාත්‍රියෙහි කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ අශ්වගාලක සිටි රන් පැහැති අශ්වයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් මෙම “රන් පැහැති” අශ්වයන් දෙදෙනා පසුව පොළොන්නරුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකින් පසු සොයා ගැනීමට හැකි වූ බව වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කරනවා.

එම ගාලේ සිටි අශ්වයින් දෙදෙනා අතුරුදන් වූ බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ පරීක්ෂණයකදී මෙම අශ්වයින් දෙදෙනා සොයාගන්නට ඔවුන් සමත් වූ අතර නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොට ගනිමින් දිඹුලාගල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ 13දා සෙනසුරාදා අලුයම සිදුකළ විශේෂ සෝදිසියකදී සූක්‍ෂ්මව සඟවාගෙන සිටි එම “රන් පැහැති’ අශ්වයන් දෙදෙනා සොයා ගැනීමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය සමත් වුණා.

එම “රන් පැහැති” අශ්වයන් සොරකම් කළ බවට සැක පිට අවුරුදු 29, 36 යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් එම අශ්වයන් විකිණීම සඳහා සොරකම් කර ඇති බවට පොලිසිය සැක පල කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site