Home News Breaking හෙරොයින් කුඩු දන්සලක් දුන් කෝටි පති මල් වෙළෙන්දා මාට්ටු

හෙරොයින් කුඩු දන්සලක් දුන් කෝටි පති මල් වෙළෙන්දා මාට්ටු

442 views
SHARE

ලොතරැයියක් මගින් පිරිනෑමූ රුපියල් කෝටී පහක සුපිරි ජයමල්ල හිමිවී හෙරොයින් පානයට ඇබ්බැහිවූ අනුරාධපුර ගල්කඩවල මල් වෙළෙන්දා හා මිතුරන්ට හෙරොයින් දන්සල් පවත්වන ඇන්ඩෘ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා හෙරොයින් මිලිග්‍රෑම් 650ක් සන්තකයේ තබාගෙන සිටියදී උතුරුමැද පළාත් වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.
ලොතරුයියක් මගින් පිරිනැමුණු විශාලතම ජයමල්ලක්වූ රුපියල් කෝටී පහක මුදලකට හිමිකම් කියු අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි මල් වෙලෙන්දා හා මත්ලෝලී මිතුරන්ට හෙරොයින් දන්සල් පවත්වන ඇන්ඩෘ නැමත්තා සන්තකයේ හෙරොයින් තිබෙන බවට ලැබුණු තොරතුරක්මත සැකකරුවන් දෙදෙනාව අනුරාධපුර පැරණි පුජා නගරයේදී හා අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේදී වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර මල් වෙළෙන්දාට මීට වසර පහකට පමණ ඉහතදී ලොතරුයියක් මගින් පිරිනැමුණු විශාලතම ජයමල්ලක්වූ රුපියල් කෝටී පහක ධන සම්භාරය හිමිවූවත් හෙරොයින් පානය කිරීමට ඇබ්බැහිවීම නිසා මේවන විට අන්ත දුගී භාවයට පත්වී සිටිනබව පොලිස් වැටලීම් ඒකකය පැවසුවේය.

හෙරොයින් පානය කිරීම නිසා අන්ත අසරණ තත්වයට පත්ව සිටින සැකකරු මීටපෙර නීතිවිරෝධි මත්පැන් පෙරමින් සිටියදීත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබුණු අතර අවස්ථා කිහිපයකදීම හෙරොයින් හා ගංජා සමග අත්අඩංගුවට පත්වීම නිසා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි. ‍

සැකකරුට එරෙහිව හෙරොයින් ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතිනබව වැටලීම් ඒකකය පැවසුවේය.

සැකකරුට එරෙහිව පෙර වැරදි රැසක් තිබෙන බව පැවසු පොලිසිය සැකකරුට හෙරොයින් පානය කිරීමට මුදල් නොමැතිවීම නිසා මුදල් උපයා ගැනීමට ගල්කඩවල ප්‍රදේශයේ හෙරොයින් අළෙවි කිරීම සිදුකරන බව වැටලිම් ඒකකය අනාවරණයකර ගෙන තිබුණි.සැකකරු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලිසියට පවසා තිබුණේ ලොතරැයි ජයග්‍රහණයෙන් ලැබුණු මුදල් කිසිවක් සන්තකයේ නැති බවත් කල්බදු පහසුකම් යටතේ ලබගත් ට්‍රැක්ටරයට වාරික ගෙවීම ද අතපසුවී තිබෙන බවයි.

අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උප ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.එම්.එන්.ඩී කරුණාරත්න තමන් පසුපස එලවමින් හෙරොයින් සොයන බවත් තමන් හෙරොයින් ජාවරම්කරුවෙකු නොවන බවත් පවසමින් සැකකරු උතුරුමැද පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මීට සති කිහිපයකට ඉහතදී පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබූබවද වාර්ථාවිය.

අත්අඩංගුවටගත් කෝටීපතියා මීටපෙර නාවික හමුදාවේ සේවයකර තිබෙන බව වැටලීම් ඒකකය සදහන් කල අතර කුඩු දන්සල්කරු හා කෝටීපතියා ඊයේ (15) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරුමැද පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන යටතේ ක්‍රියාත්මක පළාත් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක බී.එස්.චන්ද්‍රසිරි ඇතුළු නිළධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබුණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site