Home News Breaking පණ පිටින් සිටි වසු පැටවකුගේ ගාතයක කොටසක් කැපු තිරිසනෙක්

පණ පිටින් සිටි වසු පැටවකුගේ ගාතයක කොටසක් කැපු තිරිසනෙක්

210 views
SHARE

මාස 04ක් වයසැති වසු පැටියකුගේ ගාතයක කොටසක් පණපිටින් සිටියදී කපාගෙන ගොස් මස් අනුභව කළ පුද්ගලයෙක් කහවත්ත හැවැන්දෙණිය ප්‍රදේශයේ දී කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසු පැටියාගේ හිමිකරු වන කහවත්ත යක්ගහඇළ පදිංචි කේ.බී. තුෂාර ඉන්දික ලක්මාල් (29) නමැති අය ඉකුත්දා 13දා උදෑසන 6.00ට පමණ වසු පැටියා බැඳ සිටි ස්ථානයට ගොස් බලද්දී එම ස්ථානයට තරමක් දුරින් කෙඳිරිලි හඬක් ඇසී ඇති අතර එම ස්ථානයට ගොස් බලද්දී වේදනාවෙන් දෑස්වල කඳුළු ගලන පැටියා කිසියම් සතෙකුගේ ගොදුරක් බවට පත්ව ඇති යැයි ඔහු මුලින් සැක සිතා ඇති බවයි සඳහන් වන්නේ.

තුවාලය පරීක්‍ෂා කිරීමේදී කැපුම් තුවාල නිරීක්‍ෂණය වූයෙන් සැණෙකින් සැක සිතූ පුද්ගලයාගේ නිවෙසට ගොස් ඔහුව අල්ලාගෙන ඇති අතර පසුව ගමේ ජනතාව ගොම පවා අනුභව කරවා සිද්ධිය සම්පූර්ණයෙන්ම වමාරාගෙන තිබෙනවා.

වසු පැටියාගේ තත්ත්වය බරපතළ බැවින් සුව වීමට දීර්ඝ කාලයක් ගත වනු ඇති බවයි කහවත්ත පශු වෛද්‍යවරයා පවසා තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site